මෙහෙයුම් පුවත්

කේරළ ගංජා කිලෝග්‍රෑම් 400කට ආසන්න තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව හැඳල, තොටුපලවත්ත කැළණි ගං මෝය ආශ්‍රිත ප්‍රදේශයේ අද (2022 පෙබරවාරි 23) සවස සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 400කට ආසන්න තොගයක් සමඟ සැකකරුවකු (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

23 Feb 2022

මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 115ක් පමණ (කිලෝ මීටර් 213ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී හදිසි රෝගී තත්වයකට ලක්වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සදහා යොමු කිරිමට නාවික හමුදාව අද (2022 පෙබරවාරි 21) උදෑසන කටයුතු කරන ලදී.

21 Feb 2022

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ඩව් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මුරසංචාරයකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු, අද (2022 පෙබරවාරි 19) අළුයම නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

19 Feb 2022

රුපියල් මිලියන 6.5කට අධික දළ වීථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 02ක් පේදුරුතුඩුවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව, නෙල්ලිඅඩි ප්‍රදේශයේ 2022 පෙබරවාරි මස 14 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් 817 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

15 Feb 2022

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, තලෙයිමන්නාරමට උතුරෙන් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුමකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයින් 12ක්, 2022 පෙබරවාරි මස 12 දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

13 Feb 2022

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ආසන්නයෙන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 11ක් 2022 පෙබරවාරි මස 07 දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

08 Feb 2022

රුපියල් මිලියන 08කට අධික දළ වීථි වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03ක් මන්නාරමේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ 2022 පෙබරවාරි මස 04 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ එකයි (01) ග්‍රෑම් 76 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

05 Feb 2022

නාවික මෙහෙයුම් හමුවේ මෙරටට රැගෙන එමින් තිබූ තවත් මත්ද්‍රව්‍ය තොගයක් රටට ඇතුළු වීම වැළකේ

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ එක්ව 2022 ජනවාරි මස 26 වන දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී, ශ්‍රී ලංකාවට දකුණු ‍දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් වෙත හුවමාරු කිරීමට සූදානම්ව සිටි විදේශීය බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමට යාමේදී, එහි තිබූ හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200ක පමණ තොගයක් සැකක‍ටයුතු යාත්‍රාව මඟින් මුහුදට දමන ලද අතර, නාවික හමුදාව එම යාත්‍රාවට ගොඩවී සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී ඉතිරිව තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක පමණ ප්‍රමාණයක් සහ චන්ද්‍රිකා දුරකථනයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 09 දෙනෙකු ඉදිරි විමර්ශන කටයුතු සඳහා අද (2022 පෙබරවාරි 03) කොළඹ වරාය වෙත රැගෙන එන ලදී. මෙම ඒකාබද්ධ මෙහෙයුම මඟින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් රට තුලට ගෙන ඒමට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දැරූ ප්‍රයත්නය සාර්ථකව වළක්වා ගැනීමට නාවික හමුදාවට හැකිවිය.

03 Feb 2022

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව යාපනය, කෝවිලන් සහ පේදුරු තුඩුව ප්‍රදීපාගාරයන්ට ඔබ්බෙන් වූ ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයින් 21ක් 2022 ජනවාරි මස 31 දින රාත්‍රියේ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

01 Feb 2022

කේරළ ගංජා සමඟ සැකකරුවෙක් යාපනයේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව 2022 ජනවාරි 27 දින මධ්‍යම රාත්‍රියේ යාපනය, තික්කම් ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 6 යි ග්‍රෑම් 141ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

28 Jan 2022