මෙහෙයුම් පුවත්

උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට ඇතුළු වී උතුරු මුහුදේ අනවසර ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 ජුලි මස 03 වන දින සවස් කාලයේ ක්‍රියාත්මක කළ අතර, එහිදී මෙරට මුහුදු සීමාව තුළ පේදුරුතුඩුවට නුදුරු මුහුදේ අනවසර ධිවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ජාතික ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

04 Jul 2022

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 51 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ අද අළුයම (2022 ජුලි 03) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 51 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

03 Jul 2022

නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් කල්පිටියේදී අත් අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 ජුලි මස 01 වන දින රාත්‍රියේදී කල්පිටිය කීරිමුන්දලම වෙරළාශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මුහුදු මාර්ගයෙන් නීතී විරෝධි ලෙස රට තුලට රැගෙන ඒමට උත්සාහ කළ බවට සැකකෙරෙන බීඩි කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 1680 ක පමණ තොගයක් අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

02 Jul 2022

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 47 ක් බටහිර මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව මීගමුවට ඔබ්බෙන් වූ බටහිර මුහුදු ප්‍රදේශයේ 2022 ජුනි මස 27 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

28 Jun 2022

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 54 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ අද අළුයම (2022 ජුනි 27) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 54 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

27 Jun 2022

දැදුරු ඔයේ ආනවිලුන්දාව ප්‍රදේශයේ අවහිරතා ඉවත් කිරීමට නාවික හමුදාවෙන් මෙහෙයුමක්

අධික ලෙස ජලජ ශාක ව්‍යාප්තවීමෙන් හා අපද්‍රව්‍ය එක් රැස්වීමෙන් අවහිරවූ පුත්තලම ආනවිලුන්දාව ප්‍රදේශය ඔස්සේ ගලා බස්නා දැදුරු ඔයේ අතුගංඟාවක අවහිරතා ඉවත්කර ජලය ක්‍රමවත්ව බැසයාමට ඉඩ සැලැස්වීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 ජුනි මස 22 සිට 24 දක්වා ක්‍රියාත්මක කෙරිණි.

26 Jun 2022

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 35 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව ශ්‍රී ලංකාවට බටහිර මුහුදු ප්‍රදේශයේ 2022 ජුනි මස 23 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 35 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

24 Jun 2022

අරාබි මුහුදේදී ආපදාවට පත් ධීවරයින් පිරිසක් කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සහයෙන් මුදවාගැනේ

නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, අරාබි මුහුදේදී කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්වූ ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාවක සිටි පස් දෙනෙකු (05) එම්ටී අල්ටෙයාර් (MT-ALTAIR ) නෞකාව මඟින් නිරුපද්‍රිතව මුදවාගැනීමට 2022 ජුනි මස 20 වන දින කටයුතු කර ඇත.

22 Jun 2022

රුපියල් මිලියන 120 කට ආසන්න විථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව උඩප්පුව පෙරියපාඩු වෙරළ තීරයේ අද (2022 ජුනි මස 19 වන දින) අළුයම සිදුකළ පා මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 543 (තෙ‍ත බර සහිතව) ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

19 Jun 2022

නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 ජුනි මස 16 වන දින රාත්‍රියේදී සිලාවතුර කොන්ඩච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ පා මුර සංචාරයකදී නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි නිශ්පාදනයට යොදා ගන්නා කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 490 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

17 Jun 2022