මෙහෙයුම් පුවත්

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පක්‍ෂීන් 91ක් සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 සැප්තැම්බර් මස 10 වැනි දින මන්නාරම පේසාලේ සිරිතෝප්පු වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස විදේශයකින් මෙරටට රැගෙන ආ පක්‍ෂීන් අනූ එකක් (91) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

11 Sep 2025

ත්‍රීකුණාමලය, වෙරුගල්ආරු ග‍ඟේ ගිලෙමින් සිටි දරුවෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව බේරා ගනියි

ත්‍රීකුණාමලය, වෙරුගල් ප්‍රදේශයේ මුරුගන් හින්දු දේවස්ථානයේ පැවති වාර්ෂික දේව මංගල්‍යයට සහභාගිවන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන්, වෙරුගල්ආරු ග‍ඟේ ජිවිතාරක්‍ෂක රාජකාරි සඳහා යොදවා සිටි නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්ඩායමක් විසින්, එම ගංගාවේ ගිලෙමින් සිටි දරුවෙකු (01) නිරුපද්‍රිතව බේරා ගැනීමට 2025 සැප්තැම්බර් මස 05 වැනි දින කටයුතු කෙරිණි.

06 Sep 2025

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වු ගැඹුරු මුහුදේදී රෝගීව අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගාල්ලේ සිට නාවික සැතපුම් 95ක් (කිමී 152ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේදී රෝගීව අසාධ්‍ය තත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව විසින් අද (2025 සැප්තැම්බර් 05) අළුයම් කාලයේ කටයුතු කෙරිණි.

05 Sep 2025

නීති විරෝධී ධීවර පන්නක්‍රම මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් සැකකරුවන් 29 ක් සමඟ ආම්පන්න නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දෙසතිය තුල (2025 අගෝස්තු 19 සිට 31 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු සැකකරුවන් විසිනව දෙනෙකු (29) සමඟ ඩිංගි යාත්‍රා අටක් (08) සහ තෙප්පම් යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

04 Sep 2025

රුපියල් මිලියන 203කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් මන්නාරම නරුවිලික්කුලම් ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, මන්නාරම නරුවිලික්කුලම් වෙරළ ප්‍රදේශයේ, මන්නාරම විශේෂ පොලීස් ඒකකය හා එක්ව 2025 සැප්තැම්බර් මස 02 වැනි දින සහ අද (2025 සැප්තැම්බර් 03) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 203කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ ග්‍රෑම් නවසිය හයකට (906) අධික තොගයක් නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.

03 Sep 2025

රුපියල් මිලියන 21කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් යාපනය සම්බිලිතුරේයි වෙරළ ප්‍රදේශයේ දි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය මාදගල්, සම්බිලිතුරේයි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2025 අගෝස්තු මස 30 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන විසි එකකට (21) අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ අනූ හයයි (96) ග්‍රෑම් පන්සියයක (500) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

02 Sep 2025

කාර්මික දෝශයක් හේතුවෙන් දකුණු මුහුදේ දී අපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 03ක් නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි

නාවික හමුදාව සිදුකල විශේෂ සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින්, හම්බන්තොට සිට නාවික සැතපුම් 38 ක් පමණ (කිලෝ මීටර් 70 ක් පමණ) දුරින් වූ දකුණු මුහුදේ දී කාර්මික දෝශයක් හේතුවෙන් ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙකු (03) මුදා ගැනීමෙන් අනතුරුව, නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට 2025 අගෝස්තු මස 30 දින කටයුතු කෙරිණි.

01 Sep 2025

රුපියල් මිලියන 27 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 121 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 05 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 අගෝස්තු මස 27 සහ 29 දෙදින මන්නාරම වන්කාලෛයි ප්‍රදේශය සහ යාපනය ඩෙල්ෆ්ට් දුපතට ඔබ්බෙන් වූ දේශීය ජල තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, කේරළ ගංජා කිලෝ එකසිය විසිඑකකට (121) අධික තොගයක් සමඟ, ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ සැකකරුවන් පස්දෙනෙක්(05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

30 Aug 2025

නීති විරෝධී ධීවරපන්න ක්‍රම මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් සැකකරුවන් 12 ක් සමඟ ආම්පන්න නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දෙසතිය තුල (2025 අගෝස්තු 10 සිට 19 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු සැකකරුවන් දොලොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

21 Aug 2025

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 833කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශය ආශ්‍රිතව 2025 අගෝස්තු මස 08 සහ 15 දෙදින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් අටසිය තිස් තුනකට (833) අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

21 Aug 2025