මෙහෙයුම් පුවත්
ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව මඟින් අත්අඩංගුවටගත් රුපියල් මිලියන 2509 කට අධික වීථි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය රැගත් විදේශීය යාත්‍රාව සහ සැකකරුවන් ගොඩබිමට රැගෙන එයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් පසුගිය දා අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 2509 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250 ග්‍රෑම් 996ක තොගය (ඇසුරුම් බර සහිතව) රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 06 දෙනා අද (2021 දෙසැම්බර් 15) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එය නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.
15 Dec 2021
මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් තවත් විදේශිය ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක් මඟින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය ධීවර යාත්‍රාවක් විදෙස් සැකකරුවන් 06 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
11 Dec 2021
තවත් කේරළ ගංජා තොගයක් පේදුරු තුඩුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව, තුම්පලායි වෙරළ ප්‍රදේශයේ 2021 දෙසැම්බර් මස 06 වන දින රාත්‍රියේ සිදුකළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් එම වෙරළ ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝ 23 ග්‍රෑම් 600ක (තෙත බර සහිත) පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
07 Dec 2021
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ තොගයක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙවුන්දර සිට නාවික සැතපුම් 60 ක් පමණ (කිලෝමීටර් 111 ක් පමණ) දුරින් වූ දකුණු මුහුදු තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ බීඩි කොළ (Kendu Leaves) කිලෝ 5645 ග්‍රෑම් 500ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු සහ බහුදින ධීවර යාත්‍රාවක් 2021 දෙසැම්බර් 06 දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
07 Dec 2021
කේරළ ගංජා කිලෝ 275 ක පමණ තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද උදෑසන (2021 දෙසැම්බර් 06) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 275ක පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Dec 2021
පසුගිය මස නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 85 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 නොවැම්බර් මස 01 වන දින සිට 30 වන දින දක්වා ගතවූ මාසයක කාලය තුළ නැගෙනහිර, ගිනිකොන, වයඹ, උතුර, දකුණ සහ උතුරු මැද නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයින් 85 ක් සහ ධීවර යාත්‍රා 24 ක් ඇතුළු ධීවර ආම්පන්න නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.
02 Dec 2021
කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුවක් අනතුරට ලක්වීමෙන් අතුරුදන් පුද්ගලයින් සොයා නාවික හමුදා මෙහෙයුමක් යන සිරස්තලය යටතේ නිකුත්කළ පුවත හා සබැඳේ

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලම අසලදී පුද්ගලයින් පිරිසක් රැගත් පාලම් පාරුවක් අද (2021 නොවැම්බර් 23) උදෑසන 0730 පැයට පමණ අනතුරට පත්වී එම කළපු ප්‍රදේශයේ ගිලී යාමෙන් ආපදාවට පත් පුද්ගලයින් සොයා ආරම්භ කළ නාවික හමුදා මෙහෙයුම අද පස්වරුව වන විට අවසන් කෙරිණි.
23 Nov 2021
කින්නියා ප්‍රදේශයේ පාලම් පාරුවක් අනතුරට ලක්වීමෙන් අතුරුදන් පුද්ගලයින් සොයා නාවික හමුදා මෙහෙයුමක්

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලම අසල පුද්ගලයින් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් තිබූ පාලම් පාරුවක් අද (2021 නොවැම්බර් 23) උදෑසන 0730 පැයට පමණ අනතුරට පත්වී එම කළපු ප්‍රදේශයේ ගිලී යාමෙන් ආපදාවට පත් පුද්ගලයින් සොයා නාවික හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇත.
23 Nov 2021
රුපියල් මිලියන 68කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2021 නොවැම්බර් 21) අළුයම යාපනය අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් ඩිංගි යාත්‍රාවක් තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 229 ග්‍රෑම් 350ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
21 Nov 2021
වාණිජ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 998 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 02ක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේ අද (2021 නොවැම්බර් 20) දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස සඟවා ගබඩා කර තිබූ කිලෝ 998 ග්‍රෑම් 750ක බරකින් යුත් වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 7990 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
20 Nov 2021