මෙහෙයුම් පුවත්
කේරළ ගංජා සමඟ සැකකරුවෙකු මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය හා එක්ව 2024 නොවැම්බර් මස 18 වන දින මන්නාරම අලුත් පාලම ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ හතරයි (04) ග්‍රෑම් දෙසිය හතලිස් අටක (248) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ යතුරු පැදියක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.
19 Nov 2024
රුපියල් මිලියන 1152 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 46 යි ග්‍රෑම් 116 ක තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට බටහිර දෙසින්, නාවික සැතපුම් 110 ක් (කිලෝමීටර් 200 ක්) පමණ ගැඹුරු මුහුදේ, ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාව යොදවා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම ධීවර යාත්‍රාව ගාල්ල වරායට රැගෙන විත් සිදුකල වැඩිදුර පරීක්‍ෂාවේදී, උර දෙකක් තුල (02) පාර්සල් හතලිහක (40) අසුරා තිබූ, රුපියල් මිලියන 1152 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 46 යි ග්‍රෑම් 116 ක පමණ තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
18 Nov 2024
ගැඹුරු මුහුදේ සිදු කල තවත් විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ තවත් විශේෂ මෙහෙයුමකදී, ශ්‍රී ලංකාවට බටහිර දෙසින්, නාවික සැතපුම් 110 ක් (කිලෝමීටර් 200 ක්) පමණ ගැඹුරු මුහුදේදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) 2024 නොවැම්බර් මස 16 දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 40 ක පමණ තොගයක් ඇති බවට සැක කෙරෙන අතර, එම බහුදින යාත්‍රාව සහ සැකකරුවන්, වැඩිදුර පරික්‍ෂාව සහ ඉදිරී නීතිමය කටයුතු සඳහා නාවික හමුදාව විසින් මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටියි.
17 Nov 2024
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් 1263 ක් සහ බීඩි කිලෝග්‍රෑම් 118 ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ 2024 නොවැම්බර් මස 16 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය හැට තුනක (1263) තොගයක් (තෙත බර සහිත) සහ බීඩි කිලෝග්‍රෑම් එකසිය දහ අටක (118) තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
17 Nov 2024
මත්පෙති 442,680 ක තොගයක් කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය හා එක්ව 2024 නොවැම්බර් මස 14 වන දින කල්පිටිය මුසල්පිටිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, සඟවා තිබූ මත්පෙති හාරලක්ෂ හතලිස් දෙදහස් හයසීය අසූවක (442,680) තොගයක් නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.
15 Nov 2024
රුපියල් මිලියන 1650 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 66 යි ග්‍රෑම් 840 ක තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාව යොදවා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරුණු අතර, එම ධීවර යාත්‍රාව ගාල්ල වරායට රැගෙන විත් සිදුකල වැඩිදුර පරීක්‍ෂාවේදී, උර හයක් තුල (06) පාර්සල් හැටක (60) අසුරා තිබූ, රුපියල් මිලියන 1650 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 66 යි ග්‍රෑම් 840 ක පමණ තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීම අද (2024 නොවැම්බර් 15 දින) ගාල්ල වරායේදී සිදු කෙරිණි.
15 Nov 2024
ගැඹුරු මුහුදේ සිදු කල විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) අද (2024 නොවැම්බර් 14) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60 ක පමණ තොගයක් ඇති බවට සැක කෙරෙන අතර, එම බහුදින යාත්‍රාව සහ සැකකරුවන්, වැඩිදුර පරික්‍ෂාව සහ ඉදිරී නීතිමය කටයුතු සඳහා නාවික හමුදාව විසින් මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටියි.
14 Nov 2024
නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකල සැකකරුවන් පස් දෙනෙකු (05) මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම වංකාලේ ප්‍රදේශයේ සහ සිලාවතුර වෙරළ ප්‍රදේශයේදී 2024 නොවැම්බර් මස 13 වන දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකර අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් එක්දහස් පනස් පහක (1055) පමණ තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
14 Nov 2024
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2024 නොවැම්බර් 12) යාපනය, චූණ්ඩිකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් දොලොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
12 Nov 2024
නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකල සැකකරුවන් තිදෙනෙකු මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම වන්කාලේ ප්‍රදේශයේ අද දින (2024 නොවැම්බර් 09) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකර අල්ලන ලද මුහුදු කූඩැල්ලන් ගණනින් පන්සිය අසූ පහක (585) පමණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
09 Nov 2024