කේරළ ගංජා කිලෝ 165ක් සමඟ ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගනී
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා මුර සංචාරක යාත්‍රා, අද උදෑසන (ජූලි 14) තලෙයිමන්නාරමට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙකු සමඟ කේරළ ගංජා කිලෝග්රෑම් 165ක් අත්අඩංගුවට ගැනීමට සමත්විය. මේ සමඟ ප්‍රවාහනය සඳහා යොදාගත් යාත්‍රාවද, එහි තිබූ ධීවර ආම්පන්නද නාවික හමුදා අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා රේගු දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිතය.


