නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත මුර සංචාරක යාත්‍රාවන්, මුලතිව් ධීවර පරීක්ෂක නිලධාරීන් හා එක්ව 2015 ජූලි මස 14 වන දින උදෑසන මුලතිව් කොක්කුතුඩුවායි මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල නිතරව සිටි ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය. එහිදී ඔවුන් ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 06ක්, හැඹිලි දැලක්, සීඑෆ්එල් බල්බ් 14ක් හා විදුලි ජනක යන්ත්‍ර 05ක් නාවික හමුදා අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් හා අනෙකුත් භාණ්ඩ පිළිබඳ ඉදිරි කටයුතු මුලතිව් ධීවර පරීක්ෂක නිලධාරීන් විසින් සිදුකිරීමට නියමිතය.