මුල්ලිකුලම් වෙරළ තීරයේ සඟවා තිබූ මුහුදු කූඩැල්ලෝ කිලෝ 435ක් නාවික හමුදාව සොයා ගනී
 

වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින්, මුල්ලිකුලම් වෙරළ තීරයේ සඟවා තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝ 435 ක් පසුගිය බ්‍රහස්පතින්දා දින (ජූලි 22) රාත්‍රී සොයා ගන්නා ලදී. පොලිසැක් කවර 09 ක් තුළ බහා සඟවා තිබූ මෙම මුහුදු කූඩැල්ලන් තොගය ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එන්නට ඇතැයි නාවික හමුදාව සැක පහළ කරයි.

සොයාගත් මුහුදු කූඩැල්ලන් කිලෝ 435 ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කර ඇත.