කරදක්කුලි වෙරළේ සඟවා තිබූ මුහුදු කූඩැල්ලෝ කිලෝ 94ක් නාවික හමුදාව සොයා ගනී
 
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා භරණ සහ ථේරපුත්ත ආයතනයන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මුල්ලිකුලම්, කරදක්කුලි වෙරළේ සඟවා තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝ 94 ක් ඊයේ (ජූලි 25) දහවල් සොයා ගැනීමට සමත්විය. මෙම මුහුදු කූඩැල්ලන් තොගය පොලිසැක් කවර දෙකක බහා වෙරළේ පඳුරක් යට සඟවා තිබී ඇත.
සොයාගත් මුහුදු කූඩැල්ලන් කිලෝ 94 ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කර ඇත.


