නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් තවත් සමාජ සත්කාර්යක්

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකයේ තවත් එක් සමාජ සත්කාරක සේවාවක් වශයෙන් සේවයේ නියුතු සප්‍රසුනි ජේබීඑස් සංජීව ඊඩී 33240 දරණ ජ්‍යේෂ්ඨ නාවිකයාගේ පියාගේ රෝගී තත්වය හේතුවෙන් එම ජ්‍යේෂ්ඨ නාවිකයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව රෝද පුටුවක් පරිත්‍යාග කිරීම මෙන්ම, ශ්‍රීලංනානෞ නිපුණ ආයතනයේ සේවයේ යෙදී සිටියදී හදිසියේ මියගිය සුළු නිලධාරී පීවයිඑස් සුමනසිරි එස්ඩබ් 30189 ජ්‍යේෂ්ඨ නාවිකයාගේ බිරිඳ විසින් තම දරුවන් තිදෙනාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් කරන ලද ඉල්ලීමකට අනුව ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ප්‍රධානය කිරීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් ප්‍රදීපාගාර අවන්හලේදී අද (2021 මැයි මස 12) දින සිදුකරන ලදී.

12 May 2021

මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලට නාවික හමුදා සේවා වනිතා ඒකකයෙන් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකයේ අරමුදලින් මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලෙහි විශේෂ මාතෘ ඒකකයෙහි කොවිඩ්-19 ආසාදිතව ප්‍රතිකාර ලබන මව්වරුන්ගේ ප්‍රයෝජනය සඳහා HDU/ICU (High Dependency Unit / Intensive Care Unit) වර්ගයේ ඇඳන් 03 ක් නැගෙනහිර කොළඹ මූලික රෝහලෙහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා වෙත පරිත්‍යාග කිරීම, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් අද (2021 මැයි 12) දින නාවික හමුදා මූලස්ථානයේ පිහිටි ප්‍රදීපාගාර අවන්හලේදී සිදුකරන ලදී.

12 May 2021