ශ්‍රිලංනානෞ ගැමුණු නාවික පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයක් පවත්වයි.

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ පුර්ණ මගපෙන්වීම යටතේ බටහිර නාවික විධානය භාර ආඥාපතිතුමාගේ හා එම මැතිණියගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරන ලද ශ්‍රිලංනානෞ ගැමුණු නාවික පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2019 නොවැම්බර් මස 24 වන දින ශ්‍රිලංනානෞ පරාක්‍රම අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

25 Nov 2019

සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවක් වෙනුවෙන් සමුගැනිමේ සාදයයක් පවත්වයි.

සේවා වනිතා ඒකකයේ අභිවෘද්ධිය, සාර්ථකත්වය හා සංවර්ධනය උදෙසා නොමසුරු දායකත්වයක් ලබා දුන් සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවක් වන චාමින් ආටිගල මැතිණියගේ සමුගැනිමේ සාදය 2019 නොවැම්බර් 08 වන දින උස්වැටකෙයියාව Malima Club House හීදි අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර, එම සාදය නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සහ නාවික හමුදා සංස්කෘතික නර්ථන කණ්ඩායාමේ ගායන වාදන සහ නර්ථන අංගයන්ගෙන් වර්ණවත් විය.

11 Nov 2019

සේවා වනිතා ඒකකයෙන් තවත් ප්‍රජාසත්කාරක වැඩසටහනක්

නාවික හමුදා සේවා වනිතා ඒකකය ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් ප්‍රජාසත්කාරක වැඩසටහනක් අද (ඔක්තෝබර් 11) සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාල ජයනෙත්ති මැතිණියගේ ප්‍රදානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී ක්‍රියාත්මක කරන ලදී.

11 Oct 2019

ලෝක ළමා දිනයට සමගාමීව සේවා වනිතා ඒකකය මගින් වැඩසටහන් කිහිපයක් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ මගපෙන්විම හා උපදෙස් මත 2019 ඔක්තෝබර් මස 01 වන දිනට යෙදුන ජාත්‍යන්තර ළමා දිනයට සමගාමිව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක වන ශ්‍රිලංනානෞ ගැමුණු, ශ්‍රිලංනානෞ තිස්ස හා ශ්‍රිලංනානෞ දක්‍ෂිණ යන නාවික පෙර පාසල්හී ඉගෙනුම ලබන දරුවන් වෙනුවෙන් විනෝදාත්මක ක්‍රියාකාරකම් සහිත වැඩසටහන් පැවැත්විමට කටයුතු කරන ලදි.

02 Oct 2019

‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාවක් කොළඹදී

2019 සැප්තැම්බර් 14 වන දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාවක් අද (සැප්තැම්බර් 10) ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි, සෝනියා කෝට්ටේගොඩ මැතිණියගේ ප්‍රදානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

10 Sep 2019

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් නාවික පෙර පාසල් ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තබයි.

ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත පෙර පාසල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ උත්සවය ශ්‍රීලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දතී උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ සහභාගීත්වයෙන් 2019 අගෝස්තු මස 30 වන දින පෙ.ව. 1008 පැයට යෙදුන සුභ මොහොතින් සි‍දුකරන ලදි.

30 Aug 2019

නිකිණි පුන් පොහොය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සංවිධානයෙන් සුමදුර ධර්ම දේශනාවක් පවත්වයි

මෙවර නිකිණි පුන් පොහොය නිමිති කර ගනිමින් නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කළ සුමදුර ධර්ම දේශනාවක් 2019 අගෝස්තු 18 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

19 Aug 2019

සේවා වනිතාවෝ වැල්ලවත්ත ඡිනානන්ද ළමා නිවාසයේ දරුවන්ගේ සුවදුක් විමසති

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සිදු කරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන්හි තවත් එක් අංගයක් ලෙස, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ මඟපෙන්විම යටතේ එතුමිය ඇතුළු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් පිරිසක් අද (අගෝස්තු 13) වැල්ලවත්ත, ඡිනානන්ද ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ සිටින දරුවන්ගේ සුවදුක් විමසීම සඳහා එක්විය.

13 Aug 2019

නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් ඉදි කරනු ලබන ‘අභිමන්සල’ සඳහා මුල්ගල තබයි

ශ්‍රී ලංකා නාවික හමුදා සක්‍රීය සේවයෙහි යෙදි සිටියදී ආබාධිත තත්ත්වයට පත් නාවික රණවිරුවන් වෙනුවෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් ඉදිකරනු ලබන ‘අභිමන්සල’ සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, අරුන්දතී උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ අතින් අද (අගෝස්තු 10) වැලිසර නාවික කඳවුරු පරිශ්‍රයේදී මුල්ගල් තැබීය.

10 Aug 2019

වැලිඔය ප්‍රදේශයේ ක්‍රියාත්මක කල වෛද්‍ය කඳවුර සඳහා සේවා වනිතා ඒකකයේ දායකත්වය

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය (Sri Lanka College of Military Medicine) විසින් 2019 ජූලි 27 වන දින වැලිඔය ප්‍රදේශයේ සංවිධානය කරන ලද වෛද්‍ය කඳවුර සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා කාර්යාලය සමඟ නාවික හමුදා සේවා වනිතා ඒකකය ද එක්වී සමාජ සුභසාධන වැඩසටහන් කිහිපයක් සඳහා දායකත්වය දක්වන ලදී.

30 Jul 2019