නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මැතිතුමා බැහැදකියි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද දින (2026 ජුලි 07) නිල හමුවීමක් සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මැතිතුමා කථානායක නිල කාර්යාලයේදී බැහැදැකීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කෙරුණු මෙම නිල හමුවීමේදී, ජාතික වැදගත්කමකින් යුත් කාර්යන් වලදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය ඇතුළු වැදගත් කරුණු පිළිබඳව නාවික හමුදාධිපති සහ ගරු කථානායකතුමා අතර අදහස් හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ ගරු කථානායකතුමා අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.
1 /
6