Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT ’ නෞකාව මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණෙයි

02 Jun 2026

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT’ නෞකාව මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2026 ජුනි මස 01 වන දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදුකෙරිණි.

මෙලෙස දිවයිනට පැමිණි Landing Ship Tank වර්ගයට අයත් ‘INS AIRAVAT’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් IP Patil කටයුතු කරනු ලබයි.

තවද, මෙලෙස කොළඹ වරායට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS AIRAVAT’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එම නෞකාවේ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගී වීමටත්, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටත් නියමිතව ඇත.

Accessibility Tools