Sri Lanka Navy – Official Logo
EVENT NEWS › 2026

නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් තිරුක්කෝවිල්හිදී ජනතා අයිතියට

19 Jun 2026

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුල ස්ථාපනය කල ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයක් (01) ජනතා අයිතියට පත්කිරීම 2026 ජුනි මස 15 වැනි දින සිදු කෙරිණි.

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන්, කැපිටල් මෙටල්ස් සමාගමේ මූල්‍ය අනුග්‍රහයෙන් ඉදිකෙරෙණු මෙම ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානයත් (01) ඇතුළුව, නාවික හමුදාව විසින් ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන එක්දහස් එකසිය පනස් හතක් (1157) මේ වන විට ජනතා අයිතියට පත්කර ඇත.

ඒ අනුව, මෙලෙස ජනතා අයිතියට පත්කරන ලද මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින්, තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ රාජකාරි නියුතු පොලිස් නිලධාරීන් ඇතුළු ඒ ආශ්‍රිතව ජීවත්වන විශාල ජනතාවකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

Accessibility Tools