Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS CANBERRA’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසු දිවයිනෙන් පිටත් වෙයි

14 Jun 2026

2026 ජුනි මස 12 වැනි දින සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS CANBERRA (LCS 30)’ නෞකාව අද (2026 ජුනි 14) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

තවද, ‘USS CANBERRA’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්විණි.

Accessibility Tools