නැගෙනහිර නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින් වෙනුවෙන් සංග්‍රාමික අත්දැකීම් හුවමාරු වැඩසටහනක්
නැගෙනහිර නාවික විධානයේ නාවික හමුදා පුද්ගලයින්ගේ වෘත්තීය දැනුම, මෙහෙයුම් අවබෝධය සහ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ, සංග්‍රාමික අත්දැකීම් හුවමාරු වැඩසටහනක්, 2026 සැප්තැම්බර් මස 09 වැනි දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව පැවැත්විණි.
මානුෂීය මෙහෙයුම සාර්ථකව අවසන් කිරීම සඳහා දායක වූ නාවික හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සංග්‍රාමික අත්දැකීම්, වෘත්තීය දැනුම, උපායමාර්ගික දැක්ම සහ උගත් පාඩම්, වත්මන් තරුණ නිලධාරීන් සහ නාවිකයන්ගේ වෘත්තීය දැනුම වර්ධනය වෙනුවෙන් ඔවුන් වෙත සම්ප්‍රේෂණය කිරීමේ අරමුණින්, ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ධනේෂ් පත්බේරියගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන සංවිධානය කෙරුණි. ඒ අනුව, මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ, ධජ නිලධාරී නාවික දියත් විධානය රියර් අද්මිරාල් ධනේෂ් පත්බේරිය සහ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් අරෝෂ ජයතුංග යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදු කෙරිණි.
එහිදි, මානුෂීය මෙහෙයුම පැවති වකවාණුවේ පැවති අභියෝගාත්මක මෙහෙයුම් පරිසර තත්වයන් තුල නායකත්වය ප්‍රදර්ශනය කිරීම, ධෛර්යය හා අධිෂ්ඨානය අඛණ්ඩව පවත්වා ගැනීම, නිවැරදි තීරණ ගැනීම, අභියෝග සඳහා සාර්ථකව මුහුණදීම සහ වෘත්තීයභාවය ආරක්ෂා කර ගැනීම ඇතුළු වටිනා සංග්‍රාමික අත්දැකීම්, එම අවස්ථාව සඳහා සහභාගී වූ නාවික හමුදා පුද්ගලයින් වෙත ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අත්දැකීම් ඇසුරින් පැහැදිලි කෙරිණි.