EVENT NEWS › 2026

එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS CANBERRA’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

27 Oct 2026

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS CANBERRA (LCS 30)’ යුද නෞකාව අද දින (2026 ඔක්තෝබර් 27) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

ඒ අනුව, 2026 ඔක්තෝබර් මස 26 වැනි දින සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දිවයිනට පැමිණි මෙම ‘USS CANBERRA (LCS 30)’ යුද නෞකාව, එම අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව මෙලෙස දිවයිනෙන් පිටත් විය.

Accessibility Tools