නාවික හමුදාව නීති විරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 50ක් නීතිය හමුවට පමුණවයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව 2026 අගෝස්තු මස 01 සිට 15 දක්වා කාල සීමාව තුල දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; නීති විරෝධී ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් පනහක් (50) සමඟ ඩිංගි යාත්‍රා විසි හතරක් (24) නීතිය හමුවට පැමිණවිමට කටයුතු කෙරිණි.
ඒ අනුව, ත්‍රිකුණාමලය, අරිසිමලේ, පරවි දූපත, නයාරු, බෝල්ඩර් පොයින්ට්, අඩුක්කුපාඩු, නිලාවේලි, යාපනය වෙත්තලකේනි, කඩ්ඩකාඩු, මන්නාරම සවුත්බාර්, තාල්පාඩු, වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර, උතුර සහ උතුරුමැද නාවික විධාන විසින් සිදුකළ මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන්, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, මුලතිව්, යාපනය, මන්නාරම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයන් වෙත සහ උප්පුවේලි, මරදන්කේණි යන පොලිස් ස්ථානයන්ට සහ පුල්මුඩේ විශේෂ කාර්ය බලකා කඳවුර වෙත භාරදීමට කටයුතු කෙරිණි.