Sri Lanka Navy – Official Logo

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නීතියේ රැහැනට

11 Aug 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කුඩාපාඩුව මුහුදු ප්‍රදේශයේ අද දින (2026 අගෝස්තු 11) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මගින් මීගමුව කුඩාපාඩුව මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, සැකකටයුතු උර දහ හතරක් (14) පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම උරතුල අසුරා, නීති විරෝධී ලෙස මෙරට තුලට රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යන ලද, බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය තිස් පහක (535) පමණ තොගයක් මෙලෙස නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම් මඟින් නීතියේ රැහැනට හසුකර ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දෙන ලදි.

Accessibility Tools