Sri Lanka Navy – Official Logo

අංගුලාන මුහුදු ප්‍රදේශයේ නාවික හමුදා යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් පසු සෝදිසි මෙහෙයුම් සහ යාත්‍රාව ගොඩගැනීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කරයි

16 Aug 2026

2026 අගෝස්තු 15 වන දින අංගුලාන මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට පත්වීමෙන් අනතුරුව අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.

මුදවා ගනු ලැබූ නාවික හමුදා සාමාජිකයින් එකොලෙස් දෙනා (11) මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔවුන්ගේ තත්ත්වය ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ නොවේ.

මේ අතර, අනතුරට පත් නාවික හමුදා යාත්‍රාව ගොඩගැනීමේ මෙහෙයුම අද දින (2026 අගෝස්තු 16) ආරම්භ කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදවා ඇත. පවතින රළු මුහුදු තත්ත්වය මෙම මෙහෙයුම සඳහා සැලකිය යුතු අභියෝගයක්ව පවතී.

තවද, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීම සඳහා විශේෂ පරීක්‍ෂණ මණ්ඩලයක් පත් කර ඇත.

Accessibility Tools