Sri Lanka Navy – Official Logo

නීති විරෝධි ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 39ක් නාවික හමුදා භාරයට

17 Jun 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 ජුනි මස 01 සිට 15 දක්වා කාල සීමාව තුල දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; නීති විරෝධි ක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් තිස් නව දෙනෙකු (39) සමඟ ඩිංගි යාත්‍රා දොලහක් (12), කැනොයි යාත්‍රාවක් (01), ට්‍රැක්ටර් රථ දෙකක් (02) සහ කැබ් රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ත්‍රිකුණාමලය කින්නියා, තුඩුව, සාගරපුර, වයිට් ටොප් රොක්, චැපල් රොක්, කොක්කට්ටිආරු තක්වා නගර්, මුලතිව් නන්දිකඩාල්, මඩකලපුව, යාපනය කඩ්ඩයිකාඩු, අම්පාර කාර්තිව් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර, උතුර සහ ගිනිකොන නාවික විධාන විසින් සිදුකළ මෙම මෙහෙයුම් මඟින් මෙලෙස පුද්ගලයන් තිස් නව දෙනෙකු (39) නාවික හමුදා භාරයට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

තවද, අත්අඩංගුවට ගත් සැකකරුවන්, වාණිජ පුපුරණ ද්‍රව්‍ය, තහනම් ධීවර ආම්පන්න, ට්‍රැක්ටර් රථ, කැබ් රථය සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, කුච්චවේලි, මුතූර්, මුලතිව්, කොඩ් බේ, මඩකලපුව, යාපනය සහ කාර්තිව් යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයන් වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Accessibility Tools