Sri Lanka Navy – Official Logo

උතුරු මුහුදේ ආපදාවට පත් ධීවර යාත්‍රාවක් මුදා ගැනීම සඳහා නාවික හමුදා සහය

22 Jun 2026

ශ්‍රී ලංකාවට උතුරු දෙසින්, ගැඹුරු මුහුදේදී අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආපදාවට පත් වූ මෙරට ධීවර යාත්‍රාවක් (01) සහ එහි සිටි ධීවරයින් දෙදෙනෙකු (02) පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් සිදුකල දැනුම් දීමකට අනුව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා යාත්‍රා යොදවා සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නිරිපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව විසින් අද (2026 ජුනි 22) වන දින කටයුතු කෙරිණි.

ධීවරයින් දෙදෙනෙකු (02) රැගත් ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට උතුරු දෙසින්, මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදි, අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත්වු ධීවර යාත්‍රාවක් පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින්, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකල දැනුම් දීමකට අනුව, නාවික හමුදා යාත්‍රා යොදවා එම මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමේදී අනලතිව් දූපතට ඔබ්බෙන් වු මුහුදු සීමාවේ දී ආපදාවට පත්ව තිබූ මෙම ධීවර යාත්‍රාව සහ ධිවරයින් නිරුපද්‍රිතව මුදවා ගැනීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

තවද, කොළඹ නාවික අනුඛණ්ඩයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාව මුදවා ගැනීම සඳහා, කඩිනම් ප්‍රතිචාර දැක්වීමට නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටියි.

Accessibility Tools