ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම උච්චමුනේ මුහුදු ප්‍රදේශයේ සිදුකළ තවත් විශේෂ මෙහෙයුමකින් ජාවාරම් කිරීමට උත්සාහ කළ රත්‍රං තොගයක් නීතියේ රැහැනට

18 Nov 2026

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වයඹ නාවික විධානය විසින්, ඊයේ දින (2026 නොවැම්බර් 17) රාත්‍රී කාලයේදී පුත්තලම උච්චමුනේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, රත්‍රං ජාවාරම් කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු (02) සමඟ කිලෝ ග්‍රෑම් තුනකට (03) අධික රත්‍රං තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නීතියේ රැහැනට හසුකර ගනු ලැබීය.

තවද, මුහුදු මාර්ගයෙන් දකුණු ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ බවට සැකකෙරෙන මෙම රත්‍රං ජාවාරම සම්බන්ධ වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ.

Accessibility Tools