Sri Lanka Navy – Official Logo

කොළඹ වරාය ආසන්න මුහුදේදී හදිසි අනතුරකට පත් නාවික නියමුවෙකු නාවික හමුදාව මඟින් මුදා ගැනේ

18 Sep 2026

කොළඹ වරාය වෙත වෙළඳ නෞකාවක් රැගෙන ඒම සඳහා එම නෞකාවට ගොඩවීමට උත්සාහ කිරීමේදී හදිසි අනතුරකට ලක්ව මුහුදට වැටුණු නාවික නියමුවෙකු (Pilot) 2026 සැප්තැම්බර් මස 17 වන දින රාත්‍රීයේදී නාවික හමුදාව විසින් නිරුපද්‍රතව මුදා ගැනීමට සමත් විය.

ඒ අනුව, නාවික නියමුවා මුහුදට වැටී ඇති බවට කොළඹ වරාය පාලන මැදිරිය වෙතින් සිදුකළ දැනුම් දීමකට අනුව, කඩිනමින් ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ වරාය පිවිසුම ආසන්නයේ මුර සංචාරයේ යෙදි සිටි P 164 වෙරළබඩ මුර සංචාරක යාත්‍රාව එම ස්ථානය වෙත යොමු කෙරිණි. එහිදී එම යාත්‍රාව මඟින් මුහුදට වැටුණු නාවික නියමුවා නිරුපද්‍රිතව මුදාගෙන, ආරක්‍ෂිතව වරාය මෙහෙයුම් පාලන ජැටිය වෙත වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.

තවද, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටියි.

Accessibility Tools