Sri Lanka Navy – Official Logo
SPORT NEWS 2026

“ටයිකොන්ඩෝ පූම්සේ ශූරතාවලිය - 2026” තරඟාවලියේදි නාවික හමුදාව ‍ජයග්‍රහන රැසක් දිනා ගනියි

19 May 2026

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය විසින් සංවිධානය කරන ලද, “ටයිකොන්ඩෝ පූම්සේ ශූරතාවලිය - 2026” (Taekwondo Poomsae Championship 2026) ශූරතාවලියේදී, විශිෂ්ඨ දක්‍ෂතා පෙන්නුම් කරමින් නාවික හමුදාව රන් පදක්කම් දෙකක් (02), රිදී පදක්කම් හතරක් (04) සහ ලෝකඩ පදක්කම් පහක් (05) දිනා ගැනීමට 2026 මැයි මස 10 වැනි දින සමත් විය.

ත්‍රිවිද හමුදාව සහ පොලීසිය ඇතුළු දිවයිනේ ප්‍රකට ටයිකොන්ඩෝ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් 2026 මැයි මස 09 සහ 10 යන දෙදින තුල වතුපිටිවල, ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම තරඟාවලිය පැවැත්විණි.

ඒ අනුව, තරඟාවලිය සඳහා තනි සහ කණ්ඩායම් ඉසව් වශයෙන් ඉදිරිපත්වූ නාවික හමුදා කණ්ඩායම කැපී පෙනෙන දක්‍ෂතා පෙන්නුම් කරමින්, මෙලෙස රන් පදක්කම් දෙකක් (02), රිදී පදක්කම් හතරක් (04) සහ ලෝකඩ පදක්කම් පහක් (05) දිනා ගැනීමට සමත්විය.

Accessibility Tools