‘Army Commander’s Cup Golf Tournament – 2026’ තරඟාවලියේදී නාවික හමුදාව ජයග්රහන හිමිකර ගනියි
ශ්රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද ‘Army Commander’s Cup Golf Tournament - 2026” තරඟාවලිය දියතලාව යුද්ධ හමුදා ගොල්ෆ් ක්රීඩා පිටියේදී 2026 ඔක්තෝබර් මස 17 සහ 18 යන දෙදින සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී ශ්රී ලංකා නාවික හමුදාව, ජයග්රහන ත්රිත්වයක් දිනා ගැනීමට සමත් විය.
ඒ අනුව, මෙම තරඟාවලියේ Defence Winner Gents ශූරතාවයට හිමි කුසලානය කපිතාන් ආනන්ද දිසානායක විසින්ද, එහි අනුශූරතාවයට හිමි කුසලානය සහ Longest Drive කුසලානය කොමදෝරු මංගල මුම්මුල්ලගේ විසින්ද නාවික හමුදාවට දිනා දීමට සමත් විය.
තවද, මෙහි ත්යාග ප්රධානෝත්සවය සඳහා නාවික හමුදා ගොල්ෆ් සංචිතයේ සභාපති රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් හා නාවික හමුදා ගොල්ෆ් සංචිතයේ ලේකම් කොමදෝරු එම්ඒඩීඩීඑම් පියතිලක ඇතුළු නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.
1 /
6













