ක්‍රීඩා පුවත්
TAEKWONDO POOMSAE CHAMPIONSHIP 2025 තරඟාවලියේදි නාවික හමුදාව ජයග්‍රහන රැසක් දිනා ගනියි

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය විසින් සංවිධානය කරන ලද, Taekwondo Poomsae Championship 2025 ශූරතාවලියේදී, විශිෂ්ඨ දක්‍ෂතා පෙන්නුම් කරමින් නාවික හමුදාව රන් පදක්කම් තුනක් (03), රිදී පදක්කමක් (01) සහ ලෝකඩ පදක්කම් දෙකක් (02) දිනා ගැනීමට 2025 සැප්තැම්බර් මස 06 වැනි දින සමත් විය.
12 Sep 2025
අන්තර් විධාන ස්කොෂ් ශූරතාවලිය - 2025 ත්‍රීකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය, 2025 සැප්තැම්බර් මස 02 සිට 05 දක්වා ත්‍රීකුණාමලය නාවික තටාකාංගන ස්කොෂ් ක්‍රීඩා පිටියේදී සාර්ථකව පැවති අතර, තරඟාවලියෙහි පිරිමි ශූරතාවය බටහිර නාවික විධානය විසින් සහ කාන්තා ශූරතාවය උතුරු මැද නාවික විධානය විසින් දිනා ගැනීමට සමත්විය.
08 Sep 2025
‘ගජබා සුපර් ක්‍රොස් - 2025’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණයක් ලබා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

SRI LANKA AUTO SPOTS DRIVERS ASSOCIATION ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද ‘ගජබා සුපර් ක්‍රොස් - 2025’ ධාවන තරඟාවලිය, 2025 අගෝස්තු මස 31 වැනි දින සාලියපුර, ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තු ධාවන පථයේදී සාර්ථකව පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණයක් හිමි කර ගැනීමට නාවික හමුදාව සමත් විය.
08 Sep 2025
2025 අන්තර් විධාන ටෙනිස් ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගනියි

2025 අගෝස්තු මස 27 වැනි දින සිට සැප්තැම්බර් මස 02 වැනි දින දක්වා ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ ටෙනිස් පිටියේදී පැවති ‘අන්තර් විධාන ටෙනිස් ශූරතාවලිය - 2025’ හී ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගත් අතර, එහි අනුශූරතාවය පුහුණු විධානයට හිමි විය.
05 Sep 2025
අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් ශූරතාවය අපරාජිතව නාවික හමුදාව හිමි කර ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද, අන්තර් සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරඟාවලිය 2025 ජුලි මස 30 සිට අගෝස්තු මස 17 දක්වා සාර්ථකව පැවැත්වුණු අතර, තරඟාවලිය පුරා අපරාජිතව විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කල නාවික හමුදා කණ්ඩායම, කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති අවසන් මහා තරඟයේදී, ගුවන් හමුදා කණ්ඩායම පරදා ලකුණු හතලිස් එකක (41) විශිෂ්ඨ ජයක් ලබා ගනිමින්, 2025 අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් ශූරතාවය අපරාජිතව ශ්‍රී ලංකා නාවික හමුදාවට දිනා දීමට සමත්විය.
02 Sep 2025
Intermediate boxing tournament - 2025 ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද Intermediate boxing tournament - 2025 බොක්සිං තරඟාවලිය, කොළඹ රෝයල් මාස් එරීනා ගෘහස්ථ බොක්සිං ක්‍රීඩා වළල්ලේදී, 2025 අගෝස්තු මස 21 වැනි දින පැවති අතර, එහිදී තරඟාවලියේ ශූරතාවය නාවික හමුදාව දිනා ගැනීමට සමත් විය.
23 Aug 2025
අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2025 සාර්ථකව නිමාවට පත්වෙයි

අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2025, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 2025 අගෝස්තු මස 12 සිට 15 දක්වා සාර්ථකව පැවති අතර, එහි පිරිමි සමස්ථ ශූරතාවය උතුරු මැද නාවික විධානය සහ කාන්තා සමස්ථ ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය.
22 Aug 2025
කොරියානු ජනරජයේ පැවති ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතාවන්ගෙන් ලුතිනන් ආරච්චිගේ නිශ්ශංක මවුබිම රනින් සරසයි

කොරියානු ජනරජයේ සියොංනාම් නුවර (Seongnam) සහ ගයර්යොන්ග් නුවර (Gyeryong) පැවති විවෘත ටයිකොන්ඩෝ ශූරතාවලි සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ, නාවික හමුදාවේ ලුතිනන් ආරච්චිගේ නිශ්ශංක විසින්, මවුබිම වෙත රන් පදක්කම් දෙකක් (02) දිනා දීමට 2025 ජුලි මස 20 වැනි දින සහ අගෝස්තු මස 10 දින සමත් විය.
18 Aug 2025
නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය - 2025, මෙවර බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු රග්බි පිටියේ දී 2025 ජුලි මස 23 සිට 25 දක්වා සාර්ථකව පැවති අතර, එහි පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානයත්, කාන්තා ශූරතාවය පුහුණු විධානයත් දිනාගැනීමට සමත් විය.
28 Jul 2025
‘වලව සුපර් ක්‍රොස් - 2025’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණයක් ලබා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

සදර්න් මෝටර් ක්‍රීඩා සමාජය (SOUTHERN MOTOR SPORTS CLUB) විසින් සංවිධානය කරන ලද ‘වලව සුපර් ක්‍රොස් - 2025’ ධාවන තරඟාවලිය, 2025 ජුලි මස 13 වන දින උඩවලව, ක්‍රාෆ්ට්ස්මන් ඔටෝඩ්‍රෝම් ධාවන පථයේදී පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණයක් හිමි කර ගැනීමට නාවික හමුදාව සමත් විය.
21 Jul 2025