ක්‍රීඩා පුවත්

08 වන නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරඟාවලිය - 2024 හි ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

08 වන නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරඟාවලිය - 2024, වැලිසර, නාවික හමුදා වෙඩි තැබීමේ සංකිර්ණයේදී 2024 මාර්තු මස 16 වන දින සිට 2024 මාර්තු මස 22 වන දින දක්වා පවත්වන ලද අතර, එහිදි ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය සමත් විය.

26 Mar 2024

නාවික හමුදා කැනෝයි හා කායක් සංචිතය තලෛයිමන්නාරම් මුහුදේ කායක් පුහුණු සැසියක් පවත්වයි

ශ්‍රී ලංකා ජාතික කැනෝයි හා කායක් සංගමය (National Association of Canoeing and Kayak Sri Lanka – NACKSL) විසින් ඉන්දියානු කැනෝයි හා කායක් සංගමය (Indian Kayaking and Canoeing Association – IKCA) හා එක්ව, 2024 අප්‍රේල් මස 10 සහ 11 යන දිනයන්හීදී තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පැවැත්වීමට නියමිත මුහුදු කායකින් තරඟාවලියට (Indo Sri Lanka Annual Canoeing Sprint – 2024) සමගාමීව කායක් පුහුණු සැසියක් අද දින (2024 මාර්තු 23) තලෛයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී පැවැත්විණි.

23 Mar 2024

18 වැනි ජාතික වුෂු ශූරතාවලියේදී නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් දිනා ගනියි

2024 මාර්තු මස 10 වන දින සිට 13 වන දින දක්වා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේදී පැවති 18 වැනි ජාතික වුෂු ශූරතාවලියේදී, නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය.

13 Mar 2024

අන්තර් විධාන සය සාමාජික සැහැල්ලු පන්දු කාන්තා ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දකුණු නාවික විධානය විසින් දිනාගනියි

අන්තර් විධාන සය සාමාජික සැහැල්ලු පන්දු කාන්තා ක්‍රිකට් තරඟාවලිය, 2024 මාර්තු මස 10 සහ 11 යන දිනයන්හීදී නාවික හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති අතර, තරඟාවලියේ ශූරතාවය දකුණු නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.

13 Mar 2024

අන්තර් විධාන පිහාටුපන්දු තරඟාවලිය - 2024 සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පිහාටුපන්දු තරඟාවලිය, 2024 මාර්තු මස 05 වන දින සිට 09 වන දින දක්වා වැලිසර, ශ්‍රිලංනානෞ ගැමුණු ආයතනයේ කොමාන්ඩර් පරාක්‍රම සමරවිර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වුනු අතර, එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් රියර් අද්මිරාල් මංජුල දිසානායක සහභාගි විය.

11 Mar 2024

‘ගුවන් හමුදා පාපැදි සවාරිය - 2024’ දී නාවික හමුදා පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් හිමි කර ගනියි

‘ගුවන් හමුදා පාපැදි සවාරිය - 2024’ ජාතික පාපැදි සම්මේලනයේ මෙහෙයවීමෙන් 2024 මාර්තු මස 03 වන දින සිට 07 වන දින දක්වා අධියර පහක් (05) යටතේ පැවති අතර, එහිදී නාවික හමුදා පාපැදි සංචිතයට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය.

10 Mar 2024

සහිරා සියවස් සැමරුම් සත් සමාජික රග්බි තරගාවලිය - 2024 හි කාන්තා ශූරතාවය නාවික හමුදා කාන්තා කණ්ඩායම හිමි කර ගනී සහිරා සියවස් සැමරුම් සත් සමාජික රග්බි තරගාවලිය - 2024 හි කාන්තා ශූරතාවය නාවික හමුදා කාන්තා කණ්ඩායම හිමි කර ගනී

2024 මාර්තු මස 03 වන දින කොළඔ තුරග තරග පිටියේදී පැවති සහිරා සියවස් සැමරුම් සත් සමාජික රග්බි තරගාවලිය - 2024 හි කාන්තා ශූරතාවය දිනාගැනීමට නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම සමත් විය.

04 Mar 2024

Colombo Fitness Festival (CFF) - 2024 තරඟාවලියේදී නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

2024 මාර්තු මස 02 වන දින කොළඹ, හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ පැවති Colombo Fitness Festival 2024 තරඟාවලියේදී නාවික හමුදා කායවර්ධන කණ්ඩායම ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය.

04 Mar 2024

‘තඹුත්තයන්ගේ කබඩි තරඟාවලියේදී’ නාවික හමුදා කාන්තා සහ පිරිමි කබඩි කණ්ඩායම් ජයග්‍රහණ රැසක් දිනා ගනියි

2024 පෙබරවාරි මස 24 වන දින තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේ පැවති ‘තඹුත්තයන්ගේ කබඩි තරඟාවලියේදී’ නාවික හමුදා කාන්තා කබඩි කණ්ඩායම සමස්ත තරඟාවලියේ ශූරතාවය හිමි කර ගත් අතර, නාවික හමුදා පිරිමි කබඩි කණ්ඩායම විසින් සමස්ත තරඟාවලියේ ‍තෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.

26 Feb 2024

2024 අන්තර් විධාන වොලිබෝල් තරඟාවලියේ පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානය සහ කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගනියි

2024 අන්තර් විධාන වොලිබෝල් තරඟාවලිය, 2024 පෙබරවාරි මස 18 වන දින සිට 22 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ පැවති අතර, තරඟාවලියේ පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් සහ එහි කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

23 Feb 2024