‘Eagle’s Challenge Trophy’ ගොල්ෆ් ශූරතාව 2022 ශ්‍රි ලංකා නාවික හමුදාව දිනා ගනියි

'Commander’s Cup’ ගොල්ෆ් ශූරතාවලිය - 2022, ත්‍රිකුණාමලය චීන වරාය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් පිටියේදී 2022 ජනවාරි මස 22 වන දින පැවැත් වූ අතර, එහි ‘Eagle’s Challenge Trophy’ ශුරතාවය ශ්‍රී ලංකා නාවික හමුදාව දිනා ගන්නා ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම 'Commander’s Cup’ ගොල්ෆ් ශූරතාවලියේ, ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් ‘Eagle’s Challenge Trophy’ තරඟාවලිය ඉදිරිපත් කරනු ලබයි. ඒ අනුව, මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ කොමදෝරු ප්‍රදීප් කරුණාතිලක මෙවර ‘Eagle’s Challenge Trophy’ ශුරතාවය දිනා ගන්නා ලදී. තවද, කපිතාන් මංගල මුම්මුල්ලගේ ‘Closest to The Pin’ සම්මානයත්, ලුතිනන් කොමාණ්ඩර් රුවන් රත්නායක ‘Longest Drive’ සම්මානයත් මෙහිදී හිමිකර ගැනීමට සමත් විය.

තවද, නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ මගපෙන්වීම යටතේ නාවික හමුදා ක්‍රීඩා ‍ක්ෂේත්‍රයේ පහසුකම් වැඩි දියුණු කිරීම, නාවික හමුදා ක්‍රීඩකයන්හට මෙලෙස වැඩි ජයග්‍රහණ සංඛ්‍යාවක් ගෙන දිමට මහත් පිටු වහලක් වී ඇත.