ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් තෙවන වරටත් සංවිධානය කරන ලද ‘Commandant’s Cup Sailing Regatta - 2023’ රුවල් යාත්‍රා තරඟාවලිය, 2023 ජනවාරි මස 09 වන දින සිට 11 වන දින දක්වා ත්‍රිකුණාමලය, ඇතුල් වරාය මුහුදු තීරයේදී සාර්ථකව පවත්වන ලද අතර, තරගාවලියේ ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ කුසලාන පිරිනැමීම අද දින (2023 ජනවාරි 11) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේ කොමාණ්ඩර් ශාන්ති බහාර් අනුස්මරණ රුවල් යාත්‍රා සමාජයේදී පැවැත්විණි.