“NIPPON PAINT KABADDI CHAMPIONSHIP – 2023” කාන්තා කබඩි ශූරතාවය නාවික හමුදාව දිනාගනියි

2023 අප්‍රේල් මස 29 සහ 30 යන දිනයන්හි පිලියන්දල සෝමවිර හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියේදි පැවති NIPPON PAINT KABADDI CHAMPIONSHIP – 2023 සුපර් ලීග් තරඟාවලිය සාර්ථකව නිමාවට පත් වූ අතර, නාවික හමුදා කාන්තා කබඩි කණ්ඩායම එහි කාන්තා ශූරතාවය නාවික හමුදාවට දිනා දීමට සමත් විය.

ඒ අනුව, නිපෝන් තීන්ත සමාගම විසින් සංවිධානය කරන ලද “NIPPON PAINT KABADDI CHAMPIONSHIP – 2023” තරඟාවලියේදී, ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කබඩි කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 32 - 22 ක් ලෙස සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කබඩි කණ්ඩායම අතර පැවති තරඟයෙන් ලකුණු 59 - 17 ක් ලෙස විශිෂ්ඨ ජයග්‍රහණයක් ලද ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කබඩි කණ්ඩායම, තරඟාවලියේ සමස්ථ කාන්තා ශූරතාවය දිනාගැනීමට සමත් විය.