Premier Women's Futsal Tournament - 2023 තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා කණ්ඩායම දිනාගනී

2023 ඔක්තෝබර් මස 15 වන දින දෙහිවල CFC පාපන්දු ක්‍රීඩා පිටියේදී පැවති Premier Women's Futsal Tournament – 2023 තරඟාවලියේ ශූරතාවය, ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා පාපන්දු කණ්ඩායම දිනාගැනීමට සමත් විය.

ඒ අනුව, කොළඹ පාපන්දු ලීගය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය සඳහා දිවයිනේ කණ්ඩායම් 16 ක් සහභාගී වූ අතර, නාවික හමුදා කාන්තා කණ්ඩායම සහ CFC A කාන්තා කණ්ඩායම අතර පැවති තරඟයෙන් 3-0 ක් ලෙස ජයග්‍රහණය කළ නාවික හමුදා කාන්තා කණ්ඩායම තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට සමත් විය.

තවද, අවසන් මහා තරඟයේ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය සහ තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය සාමාන්‍ය කාන්තා නැවි කේපීඑස් පෙරේරා විසින් දිනාගත් අතර, දක්‍ෂතම ගෝල රකින්නියට හිමි කුසලානය කාන්තා නායක නැවි එච්ජීඑන් කුමාරි විසින් දිනාගැනීමට සමත් විය.