‘ජාතික රුවල් ඔරු තරඟාවලිය’ කාක දූප‍තේදී සාර්ථකව නිමාවට පත්‍ වෙයි

‘ජාතික රුවල් ඔරු තරඟාවලිය’ 2024 ජනවාරි මස 19 සහ 20 යන දිනයන්හීදි මට්ටක්කුලිය කාක දූප‍තේදී, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී නාවික හමුදා රුවල් ඔරු සංචිතය විසින් ජයග්‍රහණ රැසක් දිනාගැනීමට සමත් විය.

පිරිමි සහ කාන්තා වශයෙන් පැවති ‘ජාතික රුවල් ඔරු තරඟාවලිය’ සඳහා නාවික හමුදා රුවල් ඔරු සංචිතය ඇතුළුව දිවයිනේ ප්‍රකට රුවල් ඔරු සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි විය. එහිදී, ILCA 6 OPEN කාණ්ඩයේ ප්‍රථම ස්ථානය සුළු නිලධාරි පීඩීඩීඑස් රාජපක්ෂ විසින්ද, WIND SURFING කාණ්ඩයේ ප්‍රථම ස්ථානය නායක නැවි කේපීපී ගුණවර්ධන විසින් සහ එහි දෙවන ස්ථානය සුළු නිලධාරි ඩබ්ඒඑස් වීරතුංග විසින්ද, ILCA 7 කාණ්ඩයේ ප්‍රථම ස්ථානය නායක නාවික පාබල යූඩී රාජපක්ෂ විසින්ද එහි දෙවන ස්ථානය සුළු නිලධාරි පීඩීඩීඑස් රාජපක්ෂ විසින්ද දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම, GP 14 කාණ්ඩයේ ප්‍රථම ස්ථානය සුළු නිලධාරි ඩබ්ඒඑස් වීරතුංග සහ නායක නාවික පාබල ජීපීපී කරුණාරත්න විසින්ද, එහි දෙවන ස්ථානය නායක නැවි කේසී ද සොයිසා සහ නායක ඉංජිනේරු කාර්මික ටීඩීඑස් පෙරේරා විසින්ද, එහි තෙවන ස්ථානය නායක නැවි ඒඑම්ජේපී අත්තනායක සහ නායක නැවි ඒඑස් ද සොයිසා විසින්ද, ENTERPRISE කාණ්ඩයේ ප්‍රථම ස්ථානය නායක නාවික පාබල ජේඑච්එම්පීඅයි ජයපද්ම සහ නායක නැවි එස්පීපීඑන් කුමාර විසින්ද, දෙවන ස්ථානය නායක නැවි කේඑස්කේ ද සිල්වා සහ බල නැවි යූජීඩී මදුසංක විසින්ද, තෙවන ස්ථානය නායක ඉංජිනේරු කාර්මික ජේපීඑස් ද සිල්වා සහ බල නැවි එල්ඒසීඑම් ගුණතිලක විසින්ද දිනා ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නාවික හමුදා නිලධාරීන්, ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා, නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයේ සභාපති කපිතාන් චමින්ද ගුණරත්න ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.