ශ්‍රී ලංකා පිළිමලුන් පිටු දැකීමේ බේස්බෝල් තරඟාවලියේ අනුශූරතාවය නාවික හමුදා පිරිමි බේස්බෝල් කණ්ඩායම දිනා ගනියි

ශ්‍රී ලංකා පිළිමලුන් පිටු දැකීමේ බේස්බෝල් තරඟාවලිය, 2024 ජනවාරි මස 06 සිට 21 වන දින දක්වා, දියගම ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවති අතර, අවසන් තරඟයේදී නාවික හමුදා පිරිමි බේස්බෝල කණ්ඩායම එහි අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, මෙම තරඟාවලිය සඳහා නාවික හමුදා බේස්බෝල් සංචිතය ඇතුළුව දිවයිනේ ප්‍රකට බේස්බෝල් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩකයින් රැසක් සහභාගි වූ අතර, බේස්බෝල් කණ්ඩායම් දහ නවයක් (19) අතරින්, අවසන් තරඟය සඳහා නාවික හමුදා පිරිමි බේස්බෝල් කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායම තේරී පත් විය. එහිදී, යුද හමුදා කණ්ඩායම ලකුණු 09 – 04 ක් ලෙස අවසන් තරඟය ජයගත් අතර, තරඟාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

තවද, අවසන් තරඟ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා, නාවික හමුදා බේස්බෝල් සංචිතයේ සභාපති කපිතාන් උපුල් සමරකෝන් ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ බේස්බෝල් ක්‍රීඩකයින් පිරිසක් සහභාගී වී සිටියහ.