‘19 වන ආසියානු මැරතන් ශූරතාවලිය - 2024’ හි පස්වන ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකාවක් දිනා ගනියි

2024 ජනවාරි මස 21 වන දින හොංකොංහි පැවති ‘19 වන ආසියානු මැරතන් ශූරතාවලිය - 2024’ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා නායක කාන්තා නැවි එම්එස්පීඑම් පෙරේරා සහභාගී වූ අතර, එහිදී පස්වන (05) ස්ථානය දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය සඳහා රටවල් විසි දෙකක් (22) නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ අතර, එහිදි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා නායක කාන්තා නැවි එම්එස්පීඑම් පෙරේරා විසින් කිලෝමීටර් 42 යි මීටර් 195 ක දුරක් පැය 02 යි විනාඩි 45 යි තත්පර 33 කදී තරඟය නිම කරමින් එහි පස්වන (05) ස්ථානය දිනා ගැනීමට සමත් විය.