‘ඩකා මැරතන් ශූරතාවය - 2024’ හි හත්වන ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩකයෙකු දිනා ගනියි

2024 ජනවාරි මස 26 වන දින බංගලාදේශයේ පැවති ‘ඩකා මැරතන් ශූරතාවලිය - 2024’ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා ක්‍රීඩක නායක නැවි ආර්ඩීඑන්එස් කරුණාරත්න විසින් එහි හත්වන (07) ස්ථානය දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය සඳහා රටවල් විස්සක් (20) නියෝජනය කරමින් ක්‍රීඩකයින් රැසක් සහභාගී විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩක නායක නැවි ආර්ඩීඑන්එස් කරුණාරත්න විසින් කිලෝමීටර් 42 යි මීටර් 195 ක දුරක් පැය 02 යි විනාඩි 26 යි තත්පර 54 කදී අවසන් කරමින් එහි හත්වන (07) ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර, එය ඔහුගේ හොඳම කාලය බවටද සනිටුහන් විය.