Nittambuwa Elite Racing Cycling Tournament – 2024 හි ප්‍රථම ස්ථානය නාවික හමුදා ක්‍රීඩකයෙකු දිනාගනියි

2024 ජනවාරි මස 28 වන දින නිට්ටඹුව ප්‍රදේශය ආවරණය වන පරිදි පැවති Nittambuwa Elite Racing Cycling Tournament – 2024 පාපැදි ධාවන තරගයෙහි ප්‍රථම ස්ථානය නාවික හමුදා ක්‍රීඩක සාමාන්‍ය නැවි කේපීඑම්පී දෙල්ගොඩ විසින් දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, Nittambuwa Elite Racing Cycling Tournament – 2024 පාපැදි ධාවන තරගය සඳහා ශ්‍රී ලංකාවේ පාපැදි සංචිත නියෝජනය කරමින් ක්‍රීඩකයින් රැසක් සහභාගී වූ අතර, නිට්ටඹුවෙන් අරම්භ කෙරුණු පාපැදි ධාවන තරගය පස්යාල, අත්තනගල්ල, වතුපිටිවල, වේයන්ගොඩ, කලගෙඩිහේන සහ තිහාරිය යන නගර හරහා කිලෝමීටර් 153 ක දුරක් ධාවනය කෙරිණි. එහිදී පැය 03 යි විනාඩි 02 යි තත්පර 08 කදී තරඟය අවසන් කල නාවික හමුදා ක්‍රීඩක සාමාන්‍ය නැවි කේපීඑම්පී දෙල්ගොඩ විසින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

තවද, සාමාන්‍ය නැවි එච්ඒඑම් රදීශාන්, නායක ඉංජිනේරු කාර්මික ඊඑල්එම්ඒබී අබේරත්න, බලනැවි කේවීඑස් කුමාර, නායක නැවි එච්එම්ඩීඑන් හේරත්, නායක පාබල එම්පීආර්ආර් ප්‍රියදර්ශන, සාමාන්‍ය නැවි පීඩීඑස්පී චන්දික සහ සාමාන්‍ය නැවි අයිකේආර් ප්‍රනාන්දු යන නාවික හමුදා ක්‍රීඩකයින් පිළිවෙලින් 05, 10, 11, 12, 13, 14 සහ 15 යන ස්ථාන දිනාගැනීමට සමත් විය.