‘Golden Cup’ හෑන්ඩ්බෝල් තරඟාවලියේදී නාවික හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අනුශූරතා දිනා ගනියි

‘Best friend ever’ ක්‍රීඩා සමාජය මඟින් සංවිධනය කරන ලද ‘Golden Cup’ හෑන්ඩ්බෝල් තරඟාවලිය, 2024 ජනවාරි මස 31 වන දින සිට පෙබරවාරි මස 03 වන දින දක්වා කඩුවෙල කිංග්ස්ලි ටී වික්‍රමරත්න ක්‍රීඩංගණයේදී පැවති අතර, එහිදී නාවික හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් එහි අනුශූරතාවයන් දිනා ගැනීමට සමත් විය.

දිවයිනේ ප්‍රකට හෑන්ඩ්බෝල් කණ්ඩායම් 12 ක් සහභාගී වූ මෙම තරඟාවලියේදී, පිරිමි අවසන් මහා තරඟය සඳහා යුද හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම තේරී පත් වූ අතර, කාන්තා අවසන් මහා තරඟය සඳහා ගුවන් හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම ‍ තේරී පත් විය. එහිදී, ගෝල 24 – 23 ක් ලෙස පිරිමි අනුශූරතාවය සහ ගෝල 31- 13 ක් ලෙස කාන්තා අනුශූරතාවය දිනා ගැනීමට මෙලෙස නාවික හමුදා පිරිමි හා කාන්තා කණ්ඩායම් සමත් විය.

එමෙන්ම, මෙම තරඟයේ දක්ෂතම වළක්වන්නා ලෙස නාවික හමුදා ක්‍රීඩක නායක නැවි එච්ඒඩී හෙට්ටිගේ විසින්ද, දක්ෂතම වළක්වන්නිය ලෙස නාවික හමුදා ක්‍රීඩිකා නායක කාන්තා නැවි එච්එම්එස් සත්තරණි විසින්ද කුසලාන සහ සහතික පත්‍ර දිනා ගැනීමට සමත් විය.