‘තඹුත්තයන්ගේ කබඩි තරඟාවලියේදී’ නාවික හමුදා කාන්තා සහ පිරිමි කබඩි කණ්ඩායම් ජයග්‍රහණ රැසක් දිනා ගනියි

2024 පෙබරවාරි මස 24 වන දින තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේ පැවති ‘තඹුත්තයන්ගේ කබඩි තරඟාවලියේදී’ නාවික හමුදා කාන්තා කබඩි කණ්ඩායම සමස්ත තරඟාවලියේ ශූරතාවය හිමි කර ගත් අතර, නාවික හමුදා පිරිමි කබඩි කණ්ඩායම විසින් සමස්ත තරඟාවලියේ ‍තෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.

දිවයිනේ ප්‍රකට කබඩි සංචිත රැසක් සහභාගී වූ මෙම තරඟාවලියේදී, කාන්තා අවසන් මහ තරඟය සඳහා ගුවන් හමුදා කාන්තා කබඩි කණ්ඩායම සහ නාවික හමුදා කාන්තා කණ්ඩායම ‍තේරී පත් විය. එහිදී නාවික හමුදා කාන්තා කණ්ඩායම ලකුණු 30-27 වශයෙන් ලබා ගනිමින් සමස්ත තරඟාවලියේ ශූරතාවය හිමි කර ගැනීමට සමත් වූ අතර, නාවික හමුදා පිරිමි කබඩි කණ්ඩායම ‍තෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.

එමෙන්ම, මෙම තරඟාවලියේ දක්ෂතම ආක්‍රමණිකයාට හිමි කුසලානය නාවික හමුදා ක්‍රීඩිකා සාමාන්‍ය කාන්තා නැවි ආර් ප්‍රියවර්ණා විසින් හිමි කර ගත් අතර, දක්ෂතම ප්‍රති ආක්‍රමණට හිමි කුසලානය නාවික හමුදා ක්‍රීඩිකා සාමාන්‍ය කාන්තා නැවි පී මධුෂානි විසින් හිමි කර ගැනීමට සමත් විය.