Colombo Fitness Festival (CFF) - 2024 තරඟාවලියේදී නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

2024 මාර්තු මස 02 වන දින කොළඹ, හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ පැවති Colombo Fitness Festival 2024 තරඟාවලියේදී නාවික හමුදා කායවර්ධන කණ්ඩායම ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, දිවයිනේ ප්‍රකට කායවර්ධන සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ මෙම තරඟාවලියේදී, පිරිමි Physique අංශයේ ශූරතාවය ලිපිකරු ඩබ්ආර් කාවින්ද විසින්ද, කිලෝ ග්‍රෑම් 80 බර පන්තිය යටතේ පැවති තරගයේ පලමු ස්ථානය හා Title ඉසව්වේ දෙවන ස්ථානය නායක ඉංජිනේරු කාර්මික එන්වීඒ නාමරත්න විසින්ද, කිලෝ ග්‍රැම් 60 ත් 70 ත් අතර බර පන්තිය යටතේ පැවති තරගයේ තෙවන ස්ථානය සාමන්‍ය නැවි පීඒවීබී මධුසංඛ විසින්ද, කිලෝ ග්‍රැම් 40 ට වැඩි බර පන්තිය යටතේ පැවති තරගයේ තෙවන ස්ථානය නායක විදුලි කාර්මික බීටී නුවන් විසින් සහ කිලෝ ග්‍රැම් 90 ට වැඩි බර පන්තිය යටතේ පැවති තරගයේ තෙවන ස්ථානය බලනැවි කේකේ දුෂාන්ත විසින් ද දිනා ගැනීමට සමත් විය.