සහිරා සියවස් සැමරුම් සත් සමාජික රග්බි තරගාවලිය - 2024 හි කාන්තා ශූරතාවය නාවික හමුදා කාන්තා කණ්ඩායම හිමි කර ගනී

2024 මාර්තු මස 03 වන දින කොළඔ තුරග තරග පිටියේදී පැවති සහිරා සියවස් සැමරුම් සත් සමාජික රග්බි තරගාවලිය - 2024 හි කාන්තා ශූරතාවය දිනාගැනීමට නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම සමත් විය.

ඒ අනුව, නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩයාම සහ යුද හමුදා කාන්තා රග්බි කණ්ඩායම අතර පැවති අවසන් මහා තරගයෙන් 19 – 12 ක් ලෙස යුද හමුදා කාන්තා රග්බි කණ්ඩායම පරාජය කරමින් නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම තියුණු ජයක් ලැබීමට සමත්විය.

එමෙන්ම, මෙම තරඟයේ දක්ෂ ලෙස ක්‍රීඩා කළ නායක කාන්තා නැවි ඒඑච්එස් මධුමාලි උත්සාහක දිනුම් 02 ක් ලබාගැනීමට සමත් වූ අතර, බලකාන්තා නැවි ආර්එස්එච් කුමාරි විසින් උත්සාහක දිනුම් 01ක් ලබා ගැනීමට සමත් විය.