‘ගුවන් හමුදා පාපැදි සවාරිය - 2024’ දී නාවික හමුදා පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් හිමි කර ගනියි

‘ගුවන් හමුදා පාපැදි සවාරිය - 2024’ ජාතික පාපැදි සම්මේලනයේ මෙහෙයවීමෙන් 2024 මාර්තු මස 03 වන දින සිට 07 වන දින දක්වා අධියර පහක් (05) යටතේ පැවති අතර, එහිදී නාවික හමුදා පාපැදි සංචිතයට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය.

දිවයිනේ ප්‍රකට පාපැදි සංචිත නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වූ මෙම තරඟාවලියේ, පිරිමි අංශයේ සමස්ථ දුර කිලෝමීටර් 642 කින් සමන්විත විය. තරඟාවලියේ පලමු අධියර කිලෝමීටර් 118 කින් සමන්විත වු අතර, එය ගාලු මුවදොර පිටියේ සිට මහනුවරටත්, කිලෝමීටර් 143 කින් සමන්විත වූ දෙවන අදියර මහනුවර සිට පොළොන්නරුවටත් ධාවනය කල අතර, දෙවන අදියරේ තෙවන ස්ථානය බලනැවි පීපීපීඑම්ජී සිල්වා විසින් දිනා ගැනීමට සමත් විය.

තරඟයේ තෙවන අධියර කිලෝමීටර් 135 ක දුරකින් සමන්විත වු අතර, එය පොළොන්නරුව සිට ත්‍රීකුණාමලය වෙතටත්, කිලෝමීටර් 142 කින් සමන්විත සිව්වන අධියර ත්‍රිකුණාමලය සිට වවුනියාව වෙතටත් ධාවනය කල අතර, එහි ප්‍රථම ස්ථානය නාවික හමුදා ක්‍රීඩක බල නැවි පීපීපීඑම්ජී සිල්වා විසින් දිනා ගැනිමට සමත් විය.

එමෙන්ම, කිලෝමීටර් 144 කින් සමන්විත පස්වන අධියර වවුනියාව සිට යාපනය දොරේ අප්පා ක්‍රීඩාංගනය අසලින් අවසන් වු අතර, නාවික හමුදා ක්‍රීඩක බල නැවි පීපීපීඑම්ජී සිල්වා විසින් සමස්ත තරඟාවලියේ අනුශුරතාවය දිනා ගැනිමට පාපැදි කණ්ඩායමේ සහයෝගීතාව ඇතිව සමත් වූ අතර, සමස්ථ තරඟාවලියේ දහනව වන ස්ථානය (19), විසිඑක්වන ස්ථානය (21) සහ විසිදෙවන ස්ථානය (22) පිළිවෙලන් සාමාන්‍ය නැවි කේපීඑම්පී දෙල්ගොඩ, සාමාන්‍ය නැවි පීඩීඑස්පී චන්දික සහ නානැවි ජීඑන්එස් සිල්වා විසින් දිනා ගැනිමට සමත් විය.

එමෙන්ම, කිලෝමීටර් 97 කින් සමන්විත වූ කාන්තා පාපැදි සවාරිය මාන්කුලම් සිට යාපනය දොරේ අප්ප ක්‍රිඩාංගනය අසලින් අවසන් වූ අතර, සමස්ත තරඟාවලියේ වේගවත්ම ක්‍රීඩීකාව, කණ්ඩායම් අනුශුරතාවය සහ ශුරතාවය දිනා ගැනීමට පාපැදි කණ්ඩායමේ සහයෝගීතාව ඇතිව නාවික හමුදා ක්‍රීඩිකා සාමාන්‍ය කාන්තා නැවි කේඒඑස්එන් පෙරේරා සමත් වු අතර, නාවික හමුදා ක්‍රීඩිකා සාමාන්‍ය කාන්තා නැවි ඩබ්ඩබ්ඒඒ සඳමිනි විසින් තරඟාවලියේ සිව්වන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.