අන්තර් විධාන පිහාටුපන්දු තරඟාවලිය - 2024 සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පිහාටුපන්දු තරඟාවලිය, 2024 මාර්තු මස 05 වන දින සිට 09 වන දින දක්වා වැලිසර, ශ්‍රිලංනානෞ ගැමුණු ආයතනයේ කොමාන්ඩර් පරාක්‍රම සමරවිර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වුනු අතර, එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් රියර් අද්මිරාල් මංජුල දිසානායක සහභාගි විය.

ඒ අනුව, අන්තර් විධාන පිහාටුපන්දු තරඟාවලියේ පිරිමි සහ කාන්තා සමස්ථ ශූරතාවයන් පුහුණු විධානය විසින් සහ පිරිමි අනුශූරතාවය උතුරු මැද නාවික විධානය විසින් සහ කාන්තා අනු ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.

එහිදී, පිරිමි නවක අංශයේ ශූරතාවය නායක ශාරිරික අභ්‍යාසක එස්පීජේආර් රත්නායක විසින් සහ එහි අනුශූරතාවය බල ශාරිරික අභ්‍යාසක බීඑස් සමරසිංහ විසින් දිනාගත් අතර, කාන්තා නවක අංශයේ ශූරතාවය ආධුනක කාන්තා නැවි ජේඒයූකේ ජයකොඩි විසින් සහ එහි අනුශූරතාවය බල කාන්තා ශාරීරික අභ්‍යාසක ඩබ්ජීඑන්එස් අමරසිංහ විසින් දිනාගන්නා ලදි.

විවෘත පිරිමි යුගල අංශයේ ශූරතාවය කොමාණ්ඩර් ජේඒඑන් ද සිල්වා විසින් හා කොමාණ්ඩර් කේකේආර් රත්නායක විසින් සහ එහි අනුශූරතාවය කොමාණ්ඩර් සීඑම්ඩීඒ චන්ද්‍රසේකර සහ උප ලුතිනන් එච්ඕටී ද සිල්වා විසින් දිනාගන්නා ලදි. විවෘත කාන්තා යුගල අංශයේ ශූරතාවය නායක කාන්තා ශාරීරික අභ්‍යාසක ඒජීඒසී විජේරත්න හා නායක කාන්තා නැවි එම්එච්එන් හේරත් විසින් දිනා ගත් අතර, එහි අනුශූරතාවය ලුතිනන් කොමාණ්ඩර් පී දේවනාරායන් හා නායක කාන්තා ශාරීරික අභ්‍යාසක ජීජීඑස් දමයන්ති විසින් දිනාගන්නා ලදි.

විවෘත පිරිමි ඒකල අංශයේ ශූරතාවය උප ලුතිනන් එච්ඕටී ද සිල්වා විසින් සහ එහි අනුශූරතාවය බල ශාරීරික අභ්‍යාසක ඩීඑම්ආර්එම් බණ්ඩාර විසින්ද, විවෘත කාන්තා ඒකල අංශයේ ශූරතාවය නායක කාන්තා ශාරීරික අභ්‍යාසක ඒජීඒසී විජේරත්න සහ එහි අනුශූරතාවය නායක කාන්තා ශාරීරික අභ්‍යාසක ජීජීඑස් දමයන්ති විසින් දිනාගන්නා ලදි.

එමෙන්ම, වයස අවුරුදු 40 ට වැඩි පිරිමි යුගල අංශයේ ශූරතාවය කොමාණ්ඩර් ටීආර් සහබන්දු හා ප්‍රධාන සුළු නිලධාරි ඩබ්ඩබ්වීඒඒ වික්‍රමසිංහ විසින්ද, එහි අනුශූරතාවය කොමාණ්ඩර් ඩබ්ඒසීබී වික්‍රමාරච්චි හා ලුතිනන් කොමාණ්ඩර් බීඑම්එස්පී බන්නැහැක විසින්ද දිනා ගත් අතර, වයස අවුරුදු 40 ට වැඩි පිරිමි ඒකල අංශයේ ශූරතාවය ප්‍රධාන සුළු නිලධාරි ඩබ්ඩබ්වීඒඒ වික්‍රමසිංහ විසින් සහ අනුශූරතාවය කපිතාන් එල්ජීජී කරුණාරත්න විසින්ද දිනාගන්නා ලදි. වයස අවුරුදු 50 ට වැඩි පිරිමි යුගල අංශයේ ශූරතාවය කපිතාන් එච්එම්බීපී හේරත් හා කොමාණ්ඩර් පීජී විජේවර්ධන විසින්ද, එහි අනුශූරතාවය කපිතාන් එම්බීඑන්ඒ පේමරත්න හා ලුතිනන් කොමාණ්ඩර් කේජීඑස්පී විජේරත්න විසින්ද දිනාගන්නා ලදි. වයස අවුරුදු 50 ට වැඩි පිරිමි ඒකල අංශයේ ශූරතාවය ලුතිනන් කොමාණ්ඩර් කේජීඑස්පී විජේරත්න විසින්ද එහි අනුශූරතාවය වෛද්‍ය කොමාණ්ඩර් ආර්එම්ටීඑස් රණසිංහ විසින්ද දිනාගන්නා ලදි.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා විධානයන් නියෝජනය කරමින් නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වි සිටියහ.