18 වැනි ජාතික වුෂු ශූරතාවලියේදී නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් දිනා ගනියි

2024 මාර්තු මස 10 වන දින සිට 13 වන දින දක්වා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථානයේදී පැවති 18 වැනි ජාතික වුෂු ශූරතාවලියේදී, නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, තාවුළු (Taolu) සහ සන්දා (Sanda) යන ඉසව් දෙක සාර්ථකව සම්පුර්ණ කිරීමට නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිතුන් දෙනෙකු (23) සමත් වූ අතර, එහිදී පැවති තාවුළු ඉසව් පහ‍ළොවෙන් (15) රන් පදක්කම් දහයක් (10), රිදී පදක්කම් හතරක් (04) සහ ලෝකඩ පදක්කම් දෙකක් (02) හිමි කර ගැනීමට නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.

එමෙන්ම, බර පන්ති එකොළහක් (11) යටතේ පැවති සන්දා ඉසව්වෙන් රන් පදක්කම් හයක් (06) සහ ලෝකඩ පදක්කම් පහක් (05) දිනා ගැනීම‍ට නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.