08 වන නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරඟාවලිය - 2024 හි ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

08 වන නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරඟාවලිය - 2024, වැලිසර, නාවික හමුදා වෙඩි තැබීමේ සංකිර්ණයේදී 2024 මාර්තු මස 16 වන දින සිට 2024 මාර්තු මස 22 වන දින දක්වා පවත්වන ලද අතර, එහිදි ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය සමත් විය.

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 2024 මාර්තු මස 23 වන දින නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ජයග්‍රාහකයින් වෙත කුසලාන හා සහතික පත්‍ර පිරිනැමීම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් සිදුකෙරිණි.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ පාසල් ක්‍රීඩා වෙඩි තැබීමේ සංගමය ඇතුළු දිවයිනේ ප්‍රකට වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වී සිටි අතර, නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් හිමිකරගැනීමට සමත් විය.

ඒ අනුව, මීටර් 10 වායු පිස්තෝල විවෘත ඒකල පිරිමි ඉසව්වේ රිදී පදක්කම නාවික හමුදා ක්‍රීඩක නායක ප්‍රවාහන සහයක ඩීඑම්එස්එම් දිසානායක විසින්ද, මීටර් 10 වායු රයිෆල් විවෘත ඒකල පිරිමි ඉසව්වේ රිදී පදක්කම නාවික හමුදා ක්‍රීඩක නායක ඉංජිනේරු කාර්මික යූඩීඑස් රංගනාත් විසින්ද, මීටර් 25 සම්මත පිස්තෝල විවෘත ඒකල පිරිමි ඉසව්වේ රන් පදක්කම නාවික හමුදා ක්‍රීඩක සුළු නිලධාරී ඩබ්එම්කේ කුමාර විසින්ද, මීටර් 25 ක්‍රීඩා පිස්තෝල විවෘත ඒකල කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම නාවික හමුදා ක්‍රීඩිකා නායක කාන්තා නැවි කේජීඩීටී දිල්රුක්ෂී විසින්ද, මීටර් 25 ක්‍ෂණික වෙඩිතැබීම් පිස්තෝල විවෘත ඒකල පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම නාවික හමුදා ක්‍රීඩක සුළු නිලධාරී ඩබ්එම්කේ කුමාර විසින්ද, මීටර් 25 මිලිටරි පිස්තෝල විවෘත ඒකල පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම නාවික හමුදා ක්‍රීඩක සුළු නිලධාරී ඩබ්එම්කේ කුමාර විසින් සහ මීටර් 25 මිලිටරි පිස්තෝල විවෘත ඒකල කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම නාවික හමුදා ක්‍රීඩිකා නායක කාන්තා නැවි කේජීඩීටී දිල්රුක්ෂී විසින් දිනාගැනීමට සමත් විය.

මීටර් 50 තුන් ඉරියව් විවෘත ඒකල පිරිමි ඉසව්වේ රන් පදක්කම නාවික හමුදා ක්‍රීඩක නායක නැවි එන්පී විජයරූප විසින්ද, රිදී පදක්කම නාවික හමුදා ක්‍රීඩක නායක පාබල එචිඩීපී කුමාර විසින්ද, මීටර් 50 තුන් ඉරියව් විවෘත ඒකල කාන්තා ඉසව්වේ රන් පදක්කම නාවික හමුදා ක්‍රීඩිකා නායක කාන්තා නැවි ඩබ්එම්එස්වයි පෙරේරා විසින්ද, රිදී පදක්කම නාවික හමුදා ක්‍රීඩිකා නායක කාන්තා නැවි බීඑල්ටී සඳමාලී විසින්ද, මීටර් 50 බිම වැතිර විවෘත ඒකල පිරිමි ඉසව්වේ රන් පදක්කම නාවික හමුදා ක්‍රීඩක නායක නැවි එච්ඩීපී කුමාර විසින්ද, රිදී පදක්කම නාවික හමුදා ක්‍රීඩක නායක නැවි එන්පී විජයරූප විසින්ද, ලෝකඩ පදක්කම නාවික හමුදා ක්‍රීඩක නායක ඉංජිනේරු කාර්මික යුඩීඑස් රංගනාත් විසින්ද, මීටර් 50 බිම වැතිර විවෘත ඒකල කාන්තා ඉසව්වේ රන් පදක්කම නාවික හමුදා ක්‍රීඩිකා නායක කාන්තා නැවි ඩබ්එම්එස්වයි පෙරේරා විසින්ද, රිදි පදක්කම නාවික හමුදා ක්‍රීඩිකා නායක කාන්තා නැවි බීඑල්ටී සඳමාලී විසින් සහ ලෝකඩ පදක්කම නාවික හමුදා ක්‍රීඩිකා සාමාන්‍ය කාන්තා නැවි ඩබ්එම්එච් විජේරත්න විසින් දිනාගැනීමට සමත් විය.

එමෙන්ම, මීටර් 10 වායු පිස්තෝල කණිෂ්ඨ ඒකල පිරිමි ඉසව්වේ රන් පදක්කම නුවරඑළිය වෙඩිතැබීමේ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක එල්එල්බී විජේරත්න විසින්ද, මීටර් 10 වායු පිස්තෝල කණිෂ්ඨ ඒකල කාන්තා ඉසව්වේ රන් පදක්කම පාසල් ක්‍රීඩා වෙඩි තැබීමේ සංගමයේ ක්‍රීඩිකා යූකේඩීටී ගීත්මා විසින්ද, මීටර් 10 වායු පිස්තෝල යෞවන ඒකල පිරිමි ඉසව්වේ රන් පදක්කම පාසල් ක්‍රීඩා වෙඩි තැබීමේ සංගමයේ ක්‍රීඩක එස්එම් රත්නායක විසින්ද, මීටර් 10 වායු පිස්තෝල යෞවන ‍ඒකල කාන්තා ඉසව්වේ රන් පදක්කම පාසල් ක්‍රීඩා වෙඩි තැබීමේ සංගමයේ ක්‍රීඩිකා වීඑස් සෙනවිරත්න විසින්ද, මීටර් 10 වායු පිස්තෝල විවෘත ඒකල පිරිමි ඉසව්වේ රන් පදක්කම ගුවන් හමුදා ක්‍රීඩක බලලත් නිලධාරි එම්ඒඑස්බී රණසිංහ විසින් සහ මීටර් 10 වායු පිස්තෝල විවෘත ඒකල කාන්තා ඉසව්වේ රන් පදක්කම මැග්නම් වෙඩිතැබීමේ ක්‍රීඩා සංගමයේ ක්‍රීඩිකා යූකේඩීටී ගීත්මා විසින් දිනාගැනීමට සමත් විය.

මීටර් 10 වායු රයිෆල් කණිෂ්ඨ ඒකල පිරිමි ඉසව්වේ රන් පදක්කම පාසල් ක්‍රීඩා වෙඩි තැබීමේ සංගමයේ ක්‍රීඩක යූටීපී රොද්‍රිගෝ විසින්ද, මීටර් 10 වායු රයිෆල් කණිෂ්ඨ ඒකල කාන්තා ඉසව්වේ රන් පදක්කම පාසල් ක්‍රීඩා වෙඩි තැබීමේ සංගමයේ ක්‍රීඩිකා එස්ඩී ගලගෙදර විසින්ද, මීටර් 10 වායු රයිෆල් යෞවන ඒකල පිරිමි ඉසව්වේ රන් පදක්කම පාසල් ක්‍රීඩා වෙඩි තැබීමේ සංගමයේ ක්‍රීඩක කේඑම් මෙන්ඩිස් විසින්ද, මීටර් 10 වායු රයිෆල් යෞවන ඒකල කාන්තා ඉසව්වේ රන් පදක්කම ඇතුගල වෙඩි තැබීමේ ක්‍රීඩා සංගමයේ ක්‍රීඩිකා ඩීපීඒසී සේනාධීර විසින්ද, මීටර් 10 වායු රයිෆල් විවෘත ඒකල පිරිමි ඉසව්වේ රන් පදක්කම යුද හමුදා ක්‍රීඩක කපිතාන් පීකේජේඑස් ගයන්ග විසින්ද, මීටර් 10 වායු රයිෆල් විවෘත ඒකල කාන්තා ඉසව්වේ රන් පදක්කම පාසල් ක්‍රීඩා වෙඩි තැබීමේ සංගමයේ ක්‍රීඩිකා පීකේඑල්යූ පැසුකුවෙල් විසින් සහ 10 M Break Barrel Air Pistol Men Youth Individual ඉසව්වේ රන් පදක්කම පාසල් ක්‍රීඩා වෙඩි තැබීමේ සංගමයේ ක්‍රීඩක ඒකේ දිනෙත් විසින් දිනාගැනීමට සමත් විය.

එමෙන්ම, 10 M Break Barrel Air Pistol Women Youth Individual ඉසව්වේ රන් පදක්කම පාසල් වෙඩි තැබීමේ සංගමයේ ක්‍රීඩිකා කේපීයූ දෙව්සර, 10 M Break Barrel Air Pistol Women Junior Individual ඉසව්වේ රන් පදක්කම පාසල් ක්‍රීඩා වෙඩි තැබීමේ සංගමයේ ක්‍රීඩිකා ඊටීජේඒබී සිල්වා විසින්ද, 10 M Break Barrel Air Rifle Men Junior Individual ඉසව්වේ රන් පදක්කම පාසල් ක්‍රීඩා වෙඩි තැබීමේ සංගමයේ ක්‍රීඩක ආර්එම්පීටී බංඩාර විසින්ද, 10 M Break Barrel Air Rifle Women Junior Individual ඉසව්වේ රන් පදක්කම පාසල් ක්‍රීඩා වෙඩි තැබීමේ සංගමයේ ක්‍රීඩිකා ටීආර් කලංසූරිය විසින් සහ 10 M Break Barrel Air Rifle Men Youth Individual ඉසව්වේ රන් පදක්කම පාසල් ක්‍රීඩා වෙඩි තැබීමේ සංගමයේ ක්‍රීඩක වයිපීඒඑම්එස් බංඩාර විසින් දිනාගැනීමට සමත් විය.

10 M Break Barrel Air Rifle Women Youth Individual ඉසව්වේ රන් පදක්කම පාසල් ක්‍රීඩා වෙඩි තැබීමේ සංගමයේ ක්‍රීඩිකා එස් ඩයස් විසින්ද, 10 M Break Barrel Air Rifle Men Open Individual ඉසව්වේ රන් පදක්කම කේම්බ්‍රියන් වෙඩි තැබීමේ සංචිතයේ ක්‍රීඩක එස් සේනානායක විසින් සහ 10 M Break Barrel Air Rifle Women Open Individual ඉසව්වේ රන් පදක්කම මාගම් වෙඩි තැබීමේ සංගමයේ ක්‍රීඩිකා ඩබ්එම්ආර් ප්‍රතිභා විසින් දිනාගැනීමට සමත් විය.

පාසල් ක්‍රීඩා වෙඩි තැබීමේ සංගමයේ එම්එෆ්එම් සබිත්, ඩබ්ඩීඕ සස්මින්, ඔපී මහවත්තගේ, යූඑච්වී පෙනුල, ඊ කස්තුරිආරච්චි එන් අමරජීව, අයිආර්ඒ දින්හාර සහ එම්ආර්ඒ ප්‍රබෝධනී, කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ ජීඑල්එච්බී වෙත්මින් සහ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඩබ්එම්එල්ඩී වීරසූරිය තියුණු වෙඩික්කරුවන් වශයෙන් තේරී පත් විය.

එමෙන්ම, මීටර් 25 සම්මත පිස්තෝල විවෘත ඒකල පිරිමි ඉසව්වේ රන් පදක්කම නාවික හමුදා ක්‍රීඩක සුළු නිලධාරී ඩබ්එම්කේ කුමාර විසින්ද, මීටර් 25 ක්‍රීඩා පිස්තෝල විවෘත ඒකල කාන්තා ඉසව්වේ රන් පදක්කම මීගමු වෙඩිතැබීමේ සංගමයේ ක්‍රීඩිකා ආර් අබේමාන්න විසින්ද, මීටර් 25 ක්‍රීඩා පිස්තෝල විවෘත ඒකල කාන්තා කණිෂ්ඨ ඉසව්වේ රන් පදක්කම පාසල් වෙඩි තැබීමේ සංගමයේ ක්‍රීඩිකා යූකේඩීටී ගීත්මා විසින් සහ මීටර් 25 ක්‍ෂණික වෙඩිතැබීම් පිස්තෝල විවෘත ඒකල පිරිමි ඉසව්වේ රන් පදක්කම යුද හමුදා ක්‍රීඩක කෝප්‍රල් එන්ජීඩී නාමල්ගමුව විසින් දිනාගැනීමට සමත් විය.

මීටර් 25 මිලිටරි පිස්තෝල විවෘත ඒකල පිරිමි ඉසව්වේ රන් පදක්කම යුද හමුදා ක්‍රීඩක කෝප්‍රල් ඒඩීඩී කරුණාතිලක විසින්ද, මීටර් 25 මිලිටරි පිස්තෝල විවෘත ඒකල කාන්තා ඉසව්වේ රන් පදක්කම යුද හමුදා ක්‍රීඩිකා මාණ්ඩලික සැරයන් ඒඅයිඩීඒ කුලතුංග විසින්ද, මීටර් 50 තුන් ඉරියව් විවෘත ඒකල පිරිමි ඉසව්වේ රන් පදක්කම නාවික හමුදා ක්‍රීඩක නායක නැවි එන්පී විජයරූප විසින් සහ මීටර් 50 තුන් ඉරියව් විවෘත ඒකල කාන්තා ඉසව්වේ රන් පදක්කම නාවික හමුදා ක්‍රීඩිකා නායක කාන්තා නැවි ඩබ්එම්එස්වයි පෙරේරා විසින් දිනාගැනීමට සමත් විය.

එමෙන්ම, මීටර් 50 බිම වැතිර විවෘත ඒකල පිරිමි ඉසව්වේ රන් පදක්කම නාවික හමුදා ක්‍රීඩක නායක නැවි එච්ඩීපී කුමාර විසින්ද, රිදී පදක්කම නාවික හමුදා ක්‍රීඩක නායක නැවි එන්පී විජයරූප විසින් සහ ලෝකඩ පදක්කම නාවික හමුදා ක්‍රීඩක නායක ඉංජිනේරු කාර්මික යුඩීඑස් රංගනාත් විසින්ද, මීටර් 50 බිම වැතිර විවෘත ඒකල කාන්තා ඉසව්වේ රන් පදක්කම නාවික හමුදා ක්‍රීඩිකා නායක කාන්තා නැවි ඩබ්එම්එස්වයි පෙරේරා විසින්ද, රිදි පදක්කම නාවික හමුදා ක්‍රීඩිකා නායක කාන්තා නැවි බීඑල්ටී සඳමාලී විසින් සහ ලෝකඩ පදක්කම නාවික හමුදා ක්‍රීඩිකා සාමාන්‍ය කාන්තා නැවි ඩබ්එම්එච් විජේරත්න විසින් දිනාගැනීමට සමත් විය.

පිරිමි අංශයේ Best Break Barrel Junior Shooter ට හිමි කුසලානය පාසල් ක්‍රීඩා වෙඩිතැබීමේ සංගමයේ ක්‍රීඩක ආර්එම්පීටී බංඩාර විසින්ද, කාන්තා අංශයේ Best Break Barrel Junior Shooter ට හිමි කුසලානය පාසල් ක්‍රීඩා වෙඩිතැබීමේ සංගමයේ ක්‍රීඩිකා ටීආර් කලංසූරිය විසින්ද, පිරිමි අංශයේ Best Break Barrel Youth Shooter කුසලානය පාසල් ක්‍රීඩා වෙඩිතැබීමේ සංගමයේ ක්‍රීඩක වයිපීඒඑම්එස් බංඩාර විසින්ද, කාන්තා අංශයේ Best Break Barrel Youth Shooter ට හිමි කුසලානය පාසල් ක්‍රීඩා වෙඩිතැබීමේ සංගමයේ ක්‍රීඩිකා එස් ඩයස් විසින්ද, පිරිමි අංශයේ දක්‍ෂතම කණිෂ්ඨ රයිෆල් වෙඩික්කරුට හිමි කුසලානය පාසල් ක්‍රීඩා වෙඩිතැබීමේ සංගමයේ ක්‍රීඩක කේඑම් මෙන්ඩිස් විසින්ද, කාන්තා අංශයේ දක්‍ෂතම කණිෂ්ඨ රයිෆල් වෙඩික්කරුට හිමි කුසලානය ඇතුගල වෙඩිතැබීමේ ක්‍රිඩා සංගමයේ ක්‍රීඩිකා ඩීපීඒසී සේනාධීර විසින්ද, පිරිමි අංශයේ දක්‍ෂතම කණිෂ්ඨ පිස්තෝල වෙඩික්කරුට හිමි කුසලානය නුවරඑළිය ක්‍රීඩා වෙඩිතැබීමේ සංගමයේ ක්‍රීඩක එල්එල්බී විජයරත්න විසින් සහ කාන්තා අංශයේ දක්‍ෂතම කණිෂ්ඨ පිස්තෝල වෙඩික්කරුට හිමි කුසලානය පාසල් ක්‍රීඩා වෙඩිතැබීමේ සංගමයේ ක්‍රීඩිකා යූකේඩීටී ගීත්මා විසින් දිනාගැනීමට සමත් විය.

එමෙන්ම, පිරිමි අංශයේ දක්‍ෂතම යෞවන රයිෆල් වෙඩික්කරුට හිමි කුසලානය පාසල් ක්‍රීඩා වෙඩිතැබීමේ සංගමයේ ක්‍රීඩක යූපීටී රොද්‍රිගෝ විසින්ද, කාන්තා අංශයේ දක්‍ෂතම යෞවන රයිෆල් වෙඩික්කරුට හිමි කුසලානය පාසල් ක්‍රීඩා වෙඩිතැබීමේ සංගමයේ ටී දසනායක විසින්ද, පිරිමි අංශයේ දක්‍ෂතම යෞවන පිස්තෝල වෙඩික්කරුට හිමි කුසලානය පාසල් ක්‍රීඩා වෙඩිතැබීමේ සංගමයේ යූජේඑස්පී සරත්චන්ද්‍ර විසින්ද, කාන්තා අංශයේ දක්‍ෂතම යෞවන පිස්තෝල වෙඩික්කරුට හිමි කුසලානය පාසල් ක්‍රීඩා වෙඩිතැබීමේ සංගමයේ වීබී ද සිල්වා විසින්ද, පිරිමි අංශයේ දක්‍ෂතම විවෘත පිස්තෝල වෙඩික්කරුට හිමි සම්මානය නාවික හමුදා ක්‍රීඩක සුළු නිලධාරි ඩබ්එම්කේ කුමාර විසින්ද, කාන්තා අංශයේ දක්‍ෂතම විවෘත පිස්තෝල වෙඩික්කරුට හිමි සම්මානය පාසල් ක්‍රීඩා වෙඩිතැබීමේ සංගමයේ ක්‍රීඩිකා යූකේඩීටී ගීත්මා විසින්ද, පිරිමි අංශයේ දක්‍ෂතම විවෘත රයිෆල් වෙඩික්කරු‍ට හිමි කුසලානය නායක පාබල එච්ඩීපී කුමාර විසින්ද, කාන්තා අංශයේ දක්‍ෂතම විවෘත රයිෆල් වෙඩික්කරුට හිමි කුසලානය නායක කාන්තා නැවි ඩබ්එම්එස්වයි පෙරේරා විසින් සහ තරඟාවලියේ ලාබාලතම ක්‍රීඩකයාට හිමි කුසලානය සියනෑ රයිෆල් වෙඩිතැබීමේ සංගමයේ ක්‍රීඩක ඩීඑම්ඕටීබී දසනායක විසින් දිනාගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් රියර් අද්මිරාල් මංජුල දිසානායක, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, පාසල් වෙඩි තැබීමේ සංගමයේ සභාපති, පාසල් වෙඩි තැබීමේ ක්‍රීඩා සංගම් භාර ගුරුභවතුන් ඇතුළු සම්භාවනිය ආරාධිතයින් පිරිසක් සහභාගි වී සිටියහ.