අන්තර් විධාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලිය -2024 හි පිරිමි සහ කාන්තා ශුරතා පුහුණු විධානය දිනා ගනියි

‘අන්තර් විධාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලිය -2024’, 2024 මාර්තු මස 26 වන දින සිට 30 වන දින දක්වා වැලිසරදී පැවත්වුණු අතර, එහිදී පිරිමි සහ කාත්නා ශුරතා පුහුණු විධානය විසින් දිනා ගැනිමට සමත් විය.

නාවික හමුදා විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ මෙම තරඟාවලියේදී, පිරිමි කිලෝ ග්‍රෑම් 51 බර පංතියෙන් තරඟ වැදුනු දියත් විධානයේ සාමාන්‍ය නැවි එස්පීඩබ්ජීසීවී රත්නසිරි තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකායට හිමි කුසලානයත්, කිලෝ ග්‍රෑම් 80 බර පංතියෙන් තරඟ වැදුනු පුහුණු විධානයේ ලිපිකරු ඩබ්ඒඑස්කේ අයස්කාන්ත දක්ෂතම පරාජිත ක්‍රිඩකයාට හිමි කුසලානයත් හිමි කර ගැනීමට සමත් විය.

එමෙන්ම, කාන්තා කිලෝ ග්‍රෑම් 75 බර පංතියෙන් තරඟ වැදුනු බටහිර නාවික විධානයේ නායක කාන්තා ශාරීරික අභ්‍යාසක එස්අයිඑච් ද සිල්වා දක්ෂතම ක්‍රිඩිකාවට හිමි කුසලානයත්, කිලෝ ග්‍රෑම් 48 බර පංතියෙන් තරඟ වැදුනු උප ලුතිනන් ආර්එම්ටි සෙව්වන්දි දක්ෂතම පරාජිත ක්‍රීඩිකාවට හිමි කුසලානයත් හිමි කර ගැනීමට සමත් විය.

තවද, අන්තර් විධාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලියේ ත්‍යාග ප්‍රදානය නාවික හමුදා අධක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් ඩෙමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා මුෂ්ඨි ප්‍රහාරක සංචිතයේ සභාපති, කොමාණ්ඩර් එම්යු කුමාරණතුංග සහ බටහිර නාවික විධානයට අයත් නිලධාරීන් හා නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.