‘75th Mr. Sri Lanka – 2024’ කායවර්ධන තරඟාවලියේදී නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

2024 අප්‍රේල් මස 05 වන දින කොළඹ, නවලෝක ක්‍රීඩාංගණයේ පැවති ‘75th Mr. Sri Lanka – 2024’ කායවර්ධන තරඟාවලියේදී, නාවික හමුදා කායවර්ධන ක්‍රීඩකයින් ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය.

දිවයිනේ ප්‍රකට කායවර්ධන සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ මෙම ‘75th Mr. Sri Lanka – 2024’ කායවර්ධන තරඟාවලියේදී, කිලෝ ග්‍රෑම් 80 බර පන්තිය නියෝජනය කරමින් තරඟයේ ප්‍රථම ස්ථානය සහ තරඟයේ ‘Title’ ඉසව්වේ දෙවන ස්ථානය නාවික හමුදා ක්‍රීඩක නායක ඉංජිනේරු කාර්මික එන්වීඒ නාමරත්න විසින්ද, කිලෝ ග්‍රෑම් 65 බර පන්තිය නියෝජනය කරමින් දෙවන ස්ථානය නාවික හමුදා ක්‍රීඩක බලනැවි එල්පීඑන්එස් ගමගේ විසින්ද, කිලෝ ග්‍රෑම් 70 බර පන්තිය නියෝජනය කරමින් එහි දෙවන ස්ථානය නාවික හමුදා ක්‍රීඩක සාමන්‍ය නැවි පීඒවීබී මධුසංඛ විසින් සහ කිලෝ ග්‍රෑම් 85 ට වැඩි බර පන්තිය නියෝජනය කරමින් එහි දෙවන ස්ථානය බලනැවි කේකේ දුෂාන්ත විසින් ද දිනා ගැනීමට සමත් විය.