‘අන්තර් විධාන හෑන්ඩ් බෝල් තරඟාවලිය - 2024’ සාර්ථකව නිමාවට පත්වෙයි

‘අන්තර් විධාන හෑන්ඩ් බෝල් තරඟාවලිය - 2024’ ශ්‍රි ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ ක්‍රීඩා පිටියේදී, 2024 අප්‍රේල් මස 03 වන දින සිට 06 වන දින දක්වා පැවැත්වුණු අතර, එහි පිරිමි ශූරතාවය පුහුණු විධානයත්, කාන්තා ශූරතාවය බටහිර නාවික විධානයත් හිමි කර ගන්නා ලදි.

මෙම තරඟාවලිය සඳහා සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් පිරිමි හෑන්ඩ් බෝල් කණ්ඩායම් 09 ක් සහ කාන්තා හෑන්ඩ් බෝල් කණ්ඩායම් 06 ක් සහභාගී විය. උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නලීන් නවරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවති අවසන් තරඟයෙන්, පුහුණු විධානය සහ බටහිර නාවික විධානය පිළිවෙලින් පිරිමි හා කාන්තා ශූරතාවයන් හිමි කර ගැනීමට සමත් වූ අතර, තරඟාවලියේ දක්ෂතම ප්‍රහාරකයා ලෙස මධ්‍ය නිලධාරි ඩීඑම්එස්එම් ධනපාල විසින්ද, දක්ෂතම ක්‍රීඩකයා ලෙස බල ශාරිරික අභ්‍යාසක එස්ඩීඑස්එස්පී සඳනායක විසින් සහ දක්ෂතම දැල් රකින්නා ලෙස ලුතිනන් කොමාණ්ඩර් ඊඑච් අංගම්මන විසින් එහිදී ප්‍රධාන ආරාධිතයා වෙතින් කුසලාන හිමි කර ගැනීමට සමත් විය.

එමෙන්ම, දක්ෂතම ප්‍රහාරිකාව සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නායක කාන්තා ශාරිරික අභ්‍යාසක එස්අයිඑච් ද සිල්වා විසින් සහ දක්ෂතම දැල් රකින්නිය ලෙස බල කාන්තා ශාරිරික අභ්‍යාසක ඩබ්ජීඑල්සී සේපාලිකා විසින්ද එහිදී කුසලාන හිමි කර ගැනීමට සමත් විය.