39 වන ජාතික ඔරු පැදීමේ ශූරතාවලියේදී ජයග්‍රහණ රැසක් නාවික හමුදාව දිනාගනියි

‘39 වන ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය’ 2024 අප්‍රේල් 03 වන දින සිට 06 වන දින දක්වා දියවන්නා ජලාශයේ පැවැති අතර, එහිදී නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිමි අනු ශූරතාවය, කාන්තා අනු ශූරතාවය සහ පිරිමි අතර මැදි (Intermediate) ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, දිවයිනේ ප්‍රකට ඔරු පැදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ මෙම තරඟාවලියේදී, විවෘත පිරිමි M 4- තරඟයේ රන් පදක්කම් නායක නැවි ඩබ්ජීඑස්එල් ගුණරත්න, නායක නැවි එන්ජීඒඑන් ගුණවර්ධන, බලනැවි එච්ඒඑස්ජී හතුරුසිංහ සහ බල පාබල ඊඑස්වීජේඑන් ප්‍රේමකුමාර විසින් දිනාගත් අතර, M2x තරඟයේ රිදී පදක්කම් බලනැවි එස්එම්එච්එස් සමරකෝන් සහ බල පාබල පීජීඩීඑස් ගුණතිලක විසින් දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම, M2- තරඟයේ රිදී පදක්කම් බලනැවි ජේඒඑන් මදුසංක සහ බල පාබල ඊඑස්වීජේඑන් ප්‍රේමකුමාර විසින්ද, M1x තරඟයේ ලෝකඩ පදක්කම බලනැවි එස්එම්එච්එස් සමරකෝන් විසින්ද, Rowing Intermediate M2x තරඟයේ රන් පදක්කම බලනැවි ජේඒඑන් මදුසංක සහ බල පාබල ඊඑස්වීජේඑන් ප්‍රේමකුමාර විසින්ද, M2- තරඟයේ රන් පදක්කම බලනැවි එස්එම්එච්එස් සමරකෝන් සහ බල පාබල පීජීඩීඑස් ගුණතිලක විසින් සහ M1x තරඟයේ රිදී පදක්කම බලනැවි ජේඒඑන් මදුසංක විසින් දිනා ගැනීමට සමත් විය.

තවද, කාන්තා අංශයෙන් පැවති තරඟයේ විවෘත කාන්තා W2x තරඟයේ රිදී පදක්කම සහ W2- තරඟයේ රන් පදක්කම දිනා ගැනීමට නායක කාන්තා නැවි ඩබ්ඒයූ සුභාශිනි සහ බල කාන්තා නැවි එස්ඒඑස්එන් ජයසිංහ සමත් විය.