යක්කල පාපැදි තරඟාවලිය - 2024 හි පිරිමි සහ කාන්තා තෙවන ස්ථාන නාවික හමුදාව දිනාගනියි

2024 අප්‍රේල් මස 06 වන දින යක්කල ප්‍රදේශය ආවරණය වන පරිදි පැවති යක්කල පාපැදි තරඟාවලිය - 2024 හි පිරිමි සහ කාන්තා තෙවන ස්ථාන නාවික හමුදාව විසින් දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, යක්කල පාපැදි තරඟාවලිය - 2024 සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රකට පාපැදි සංචිත නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ අතර, යක්කලින් අරම්භ කෙරුණු පිරිමි පාපැදි ධාවන තරගය මිරිස්වත්ත, බටේපොල, නෙල්ලිගහමුල, තිහාරිය සහ කලගෙඩිහේන යන නගර හරහා කිලෝමීටර් 148 ක දුරක් ධාවනය කෙරිණි. එහිදී පැය 03 යි විනාඩි 22 යි තත්පර 48 කදී තරඟය අවසන් කල නාවික හමුදා ක්‍රීඩක සාමාන්‍ය නැවි පීඩීඑස්පී චන්දික විසින් තරඟාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

තවද, යක්කලින් අරම්භ කෙරුණු කාන්තා පාපැදි ධාවන තරගය මිරිස්වත්ත, බටේපොල සහ නෙල්ලිගහමුල්ල යන නගර හරහා කිලෝමීටර් 58 ක දුරක් ධාවනය කෙරිණි. එහිදී පැය 01 යි විනාඩි 35 යි තත්පර 55 කදී තරඟය අවසන් කල නාවික හමුදා ක්‍රීඩිකා සාමාන්‍ය කාන්තා නැවි කේඒඑස්එන් පෙරේරා විසින් කාන්තා තරඟයේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.